IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිරියාවේ සිවිල් වැසියෝ 83 ක් මරුට

සිරියාවේ නගර දෙකක සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිවිල් වැසියන් 83 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වන්නේ නැගෙනහිර සිරියාවේ සමල්කා සහ කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඩෝමා යන නගරවලිනි. සමල්කා නගරයේ කැරැලිකරුවන්ගේ අවමංගල්‍යයකට සිරියා රජයේ හමුදා පහර දී ඇති අතර එයින් මියගිය ගණන 33 කි. එම ප‍්‍රහාරය එල්ල වූයේ පෙරේදා (30) සවසය. ඩෝමා නමැති නගරය පිහිටා ඇත්තේ ද ඩමැස්කස් අගනුවර අයත් ඩමැක්සක් පළාතේය. මෙම නගරය පවතින්නේ සිරියා කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේය. නගරය කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමේ අරමුණ ඇතිව සිරියා රජයේ හමුදා මෙහෙයුම් ආරම්භ කළේ ඊයේ (01) උදෑසනය. එහිදී සිදුවූ ගැටුම්වලින් මියගිය බොහෝ දෙනා සිවිල් වැසියන් බවත් ඒ අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බවත් කැරැලිකාර පාර්ශවය පවසයි. කෙසේ නමුත් සිරියා රජය පවසන්නේ මියගිය වැඩි දෙනා සිරියා රජයේ හමුදා සාමාජිකයන් බවය. මේ අතර සිරියා අර්බුදය විසඳීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් පස් දෙනාත්, අරාබි ලීගයේ රටවල් කිහිපයකුත් තුර්කියත් පෙරේදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වීය. එම හමුව සංවිධානය කර තිබුණේ සිරියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ විශේෂ නියෝජිත කොෆී අනන්ගේ මැදිහත් වීමෙනි. අනන් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයෙකි. අනන් යෝජනා කර ඇත්තේ සිරියා රජයේත් කැරැලිකාර පාර්ශවයේත් නියෝජිතයන් එක්කොට සංක‍්‍රාන්ති රජයක් පිහිටුවිය යුතු බවය. මේ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. එහෙත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කියා සිටියේ සිරියා ජනපති බෂීර් අල් අසාද් එම සංක‍්‍රාන්තික රජයට සම්බන්ධ කර නොගත යුතු බවය. මීට ප‍්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු නිත්‍ය සාමාජිකයන් දෙදෙනා වන රුසියාවත් චීනයත් තරයේ කියා සිටියේ සංක‍්‍රාන්ති රජයට නියෝජිතයන් පත් කිරීම සිරියා ජනතාව විසින් සිදු කළ යුත්තක් කියාය. ඊට බටහිර රටවල් මැදිහත් නොවිය යුතු බව ද රුසියාව සහ චීනය අවධාරණය කළේය.



අදහස් (0)

ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිරියාවේ සිවිල් වැසියෝ 83 ක් මරුට

හොද බබා Monday, 02 July 2012 11:19 AM

ඒ කතාවට මම එකඟ නෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site