කලහකාරී පිරිස්, බ්‍රසීල කොංග්‍රස් ගොඩනැගිල්ලට (පාර්ලිමේන්තුවට), ජනාධිපති මන්දියට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝට චෝදනා එල්ල වී ඇති අතර, හිටපු ජනාධිපතිවරයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
බ්‍රසීල කොංග්‍රස් ගොඩනැගිල්ලට, ජනාධිපති මන්දියට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට, බොල්සොනාරෝගේ ආධාරකරුවන් කඩා වැදී හානි කළේ බොල්සොනාරෝගේ උසි ගැන්වීමෙන් යැයි චෝදනා නගා ඇත්තේ නව ජනාධිපති ලූලා ද සිල්වාය. කලහකාරීන්ට කිසිදු සමාවක් නොදෙන බව නව ජනාධිපතිවරයා පවසා තිබේ.
බ්‍රසීලයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකිමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ප්‍රකාශ නිකුත් කර තිබේ. සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ජෝ බයිඩන් බ්‍රසීල ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
බ්‍රසීලයේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳ තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, තමන්ගේ සහාය බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වාට හිමිවන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
බ්‍රසීල ජනාධිපතිවරණය පසුගිය ඔක්තෝබරයේ පැවැත් වූයේ අන්ත දක්ෂිණාංශික බොල්සොනාරෝ සහ ලූලා ද සිල්වා අතරේය. තියුණු සටනකින් පසු ලූලා ද සිල්වා ජයග්‍රහණය කළේය. ලූලා ද සිල්වා 2003 සිට 2010 තෙක් කාලයේ ද බ්‍රසීලයේ ජනාධිපති ලෙස කටයුතු කර තිබේ.
බොල්සොනාරෝ පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. ජනවාරි දෙවැනිදා, 77 හැවිරිදි ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස යළි දිවුරුම් දුන් අතර, එම අවස්ථාවේ බොල්සොනාරෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ගොස් සිටියේය.
රචණ්ඩ ක්‍රියා සිදුවෙද්දී ද බොල්සොනාරෝ සිටියේ ඇමෙරිකාවේය. ඇමෙරිකාවේ සිටින බොල්සොනාරෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් කිසිවකු උසි ගැන්වූයේ නැති බවත්, සාමකාමීව හැසිරෙන්නැයි කලහකාරීන්ට තමන් දැනුම් දුන් බවත්ය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී පහර දීම කිසිසේත් අනුමත නොකරන බව ද බොල්සොනාරෝ වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දුන්නේ නැහැ