IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙරුගුවේ නායකයාට ලතින් සමුළුව තහනම්

පෙරුගුවේ නව ජනපති ෆ්‍රෙඞ්රිකෝ ෆ‍්‍රැන්කෝට ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව තහනම් කිරීමට කලාපීය රාජ්‍ය නායකයෝ ඊයේ (25) තීරණය කළහ. ලතින් ඇමෙරිකා කලාපයට අයත් පෙරුගුවේ රාජ්‍යයේ ජනපති ධුරය හෙබවූ ෆර්නාන්දු ලූගෝ බලයෙන් නෙරපා බලයට පත්ව සිටින්නේ ෆ‍්‍රැන්කෝය. ලූගෝට බලයෙන් ඉවත් වීමට සිදුවුණේ මීට දින කීපයකට පෙර  ලූගෝට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟය. එය කුමන්ත‍්‍රණයක් වුව ද පාර්ලිමේන්තුවේ තීරණයට හිස නමා තමා ධුරයෙන් ඉවත් වූ බව ෆර්නාන්දු ලූගෝ ප‍්‍රකාශ කළේය. ලතින් ඇමෙරිකා කලාපයට අයත් වෙනිසියුලාවේ ජනපති හියුගෝ චාවේස් එකහෙළා පවසා ඇත්තේ ලූගෝගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුවූ බවය. පෙරුගුවේ රාජ්‍යයට තෙල් සැපැයීම ද වෙනිසියුලාව මේ වනවිට තවතා දමා තිබේ. ඉඩමක් අත්කර ගැනීමේදී පොලිසිය සහ ගොවීන් පිරිසක් අතර ගැටුම් ඇති කළ බවට ද ලූගෝ චෝදනා ලැබ පෙරුගුවේ ජනතාවගේ අප‍්‍රසාදයට ලක් වී සිටී. මීට සතියකට පමණ පෙර හටගත් එම ගැටුම්වලින් ගොවියෝ 17 දෙනෙක් මියගියහ. පෙරුගුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ලූගෝ ධුරයෙන් බවත් වීමත් සමඟ නව ජනපතිවරයා ලෙස උප ජනපති ෆ්‍රෙඞ්රිකෝ ෆ‍්‍රැන්කෝ පත් විය. බලයෙන් පහ කෙරුණු ලූගෝ හිටපු කතෝලික බිෂොප්වරයකු මෙන්ම උග‍්‍ර වාමාංශික මතධාරියෙක්ද වෙයි. ලූගෝගේ එදිරිවාදියකු වන ෆ්‍රෙඞ්රිකෝ ෆ‍්‍රැන්කෝ මධ්‍යස්ථ මතධාරියෙකි. බලයෙන් ඉවත් කළ ජනපති ලූගෝ  



අදහස් (0)

පෙරුගුවේ නායකයාට ලතින් සමුළුව තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site