IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පියාඹන වේටර්ලා ලන්ඩන් එති

පියාඹන වේටර්වරුන් සිටිනා අවන්හලක් ගැන වාර්තා වනුයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයෙනි.

මේ පියාඹන වේටර්වරුන් සත්‍ය වශයෙන්ම කුඩා පරිමාණයේ ඩ්‍රෝන යානාය.පාලනය වනුයේ අයි පෑඩ් උපකරණයකිනි.

පාරිභෝගියන් කරා ආහාර රැගෙන යාම,ඔවුන්ගේ ආහාර ඇනැවුම් රැගෙන ඒම ආදී සියලූ කටයුතු

මේ ඩ්‍රෝන යානා ආධාරයෙන්ම මේ අවන්හලේ සිදුකෙරේ.මිනිස් ශ්‍රමය යොදවා ඇත්තේ ඩ්‍රෝන යානා පාලනය කිරීමටය.පැයට සැතපුම් 25 ක උපරිම වේගයකින් පියාසර කරවිය හැකි මේ යානා නිසා තවදුරටත් තමන්ගේ ආහාර ඇනවුම රැගෙන මිනිස් වේටර්වරයෙක ‘ගාටමින්‘ එන තුරු කල් මැරීමට පාරිභෝගිකයන්ට සිදු නොවේ.

අවන්හලේ කළමණාකාරීත්වය පවසන්නේ අවන්හලේ වැඩකටයුතු වඩා කාර්යක්ෂමව කිරීමට මෙවන් ක්‍රමයක් හදුන්වාදීමට තීරණය කළ බවයි.දැනට සිය පාරිභෝගිකයින්ගෙන් මෙන්ම සේවකයන්ගෙන්ද මීට හොද ප්‍රතිචාර ලැඛෙන බවද අවන්හල් කළමණාකාරීත්වය කියා සිටී.



අදහස් (0)

පියාඹන වේටර්ලා ලන්ඩන් එති

මනෝහරන් Monday, 10 June 2013 11:49 PM

සංදර්ශනයක් පමණි. ඔය යානාවල අවර පෙති තිබේ හොදින් බලන්න.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 11 June 2013 12:10 AM

ගිහින් ඇවිත් විස්තර දාන්නම්. මිලනම් වැඩි ඇති. (නි)

:       0       0

ෂපීක් Monday, 10 June 2013 06:34 PM

''මේ යානා නිසා තවදුරටත් තමන්ගේ ආහාර ඇනවුම රැගෙන මිනිස් වේටර්වරයෙකු ‘ගාටමින්‘ එන තුරු කල් මැරීමට'' මේකට තමා කියන්නේ පස්සේ ආ අග ලොකුයි මුලින් ආ කනට වඩා.(නදී)

:       0       0

ගාමිණී- සිරි Monday, 10 June 2013 06:47 PM

" කස්ටමස්ලා " ඇද ගැණීමේ නවීන ක්‍රම උනත් වැඩේ නම් සිත් කලුයි. අපේ රටටත් හදුන්වා දුන්නොත් සෙනග පිරෙයි කන්නත්, බලන්නත්,දෙකටම. හැබැයි පියාඹන වෙටර්ලගෙන් කාලා පියාඹන, අපේ "කස්ටමස්ලා" ගෙන් තමයි , බේරා ගන්න අමාරු වෙන්නේ.(නදී)

:       0       0

ජයී තිසර Tuesday, 11 June 2013 02:16 PM

මනෝහරන්, මෙය සත්‍ය දෙයකි. අවන්හලට නොගොස් හෝ කිව හැකිය. තම භෞතික විද්‍යා ගුරුවරයාගේ උපදෙස් පරිදි මේ ඩ්‍රෝන මුලින්ම නිර්මාණය කළේ ජර්මනියේ සිසුවෙකි. එදා පටන් අද දක්වා මේ ඩ්‍රෝන මුළු ලෝකයේම ඉතා දියුණු වෙමින් පවතී. රි‍මෝට් කොන්ට්‍රෝලයක ආධාරයෙන් පාලනය කළ හැකි කැරකෙන පෙති හතරකින් සමබරව ඉතා ලෙහෙසි‍යෙන් මේ ඩ්‍රෝන අහසේ පැදවිය හැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site