වළාකුළු වලින් සංගීතය මැවෙනා අපූරු පියානෝවක් සැකසීමට ඇමරිකා කලාශිල්පියෙක් සමත්ව සිටියි.
කලාශිල්පී ඩෙව්ඩි බෝමන්ගේ නිර්මානයක් වන මෙහි වාදකයා වන්නේ රොබෝවෙකි. රොබෝවාට පියානෝව වාදනය කළ යුත්තේ කෙසේදැයි උපදෙස් ලැබෙන්නේ වළාකුළු වලිනි.
මෙම අපූරු සංකල්පය ක්‍රීයාත්මක වන්නේ වළාකුළු වල ස්වභාවය හා ඝණත්වය මත පිහිටා පියානෝවේ කවර යතුරු තද විය යුතුදැයි තීරණය කරන පරිගණක වැඩසටහනක උදවු ඇතිවය. අහසය යොමු කෙරුණු සංවේදක පුවරුවකින් වළාකුළු වල හැඩය හා ඒවායේ ඝණත්වය පිළිඹද දත්ත ලබාගන්නා මෙම වැඩසටහන අනතුරුව ඒවා විශ්ලේෂණය කර පියානෝවේ අදාළ යතුරු තද කිරීමට රොබෝවාට විධානයන් ලබා දේ.
ලබාදෙන විධානයන් අනුව දැඩිව හෝ මෘදුව හෝ රටාවකට හෝ පියානෝවේ යතුරු තද කිරීමට රොබෝවාට හැකිය.
විශෘල හා ඝණ වළාකුලක් තිබුණහොත් දැඩිව, ලිහිල්ව විහිදුණු කුඩා වළාකුලක් තිබුණහොත් මෘදුවද, රොබෝවා පියානෝව වාදනය කරන බව ඩේවිඩ් බෝමන් පවසයි.
සංගීතඥයින්ගේ මියුරු සංගීත කණ්ඩයන් වල ඇත්තාක් මෙන් නිසි පිළිවෙලකට පියානෝව වාදනය කිරීමට රොබෝවාට නොහැකි වූවත් මෙම ‘‘වළාකුලූ‘‘සංගීතය ඇත්තෙන්ම කණට මිහිරි බව සදහන්ය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියානොවෙන් වළාකුළු සංගීතේ