IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෙම්වතුන්ගේ දිනය සෙනසුරාදා?

පෙම්වතුන් තම පෙම්වතියන් හමුවීමට වඩාත් කැමැති දිනය සෙනසුරාදා බව චැච්කොම් වෙබ් අඩවිය කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.

සමීක්ෂණයට භාජනය කළ පෙම්වතුන්ගෙන් සියයට අසූවක්ම කියා ඇත්තේ සෙනසුරාදා සවස පෙම්වතියන් මුණගැසීමට කැමැති බවයි.

 එයට හේතුව ලෙස සදහන් කර ඇත්තේ තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග  සෙනසුරාදා සවස් යාමයේ වැඩිපුර කාලයක් ගත කිරීමට ලැබීමයි.

එමෙන්ම වඩාත් නුසුදුසුම දිනය ලෙස බහුතරයක් කියා ඇත්තේ සදුදා දිනය නම් නර තිබෙන අතර ඊට හේතුව ලෙස සදහන් කර ඇත්තේ සදුදා දිනය අධික වෙහෙසකර, අසනීප ගති පිරුණු, රාජකාරිවලින් බහුල  දිනයක් බවයි.

එමෙන්ම සතියේ දිනවල තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හමුවීමට කැමැති ප්‍රමාණය මෙන් මෙන් සිව් ගුණයක් සතියේ අග දිනවල තමාගේ ආදරවන්තයා හෝ දරවන්තිය හමුවීමට කැමැති බව ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

පෙම්වතුන්ගේ දිනය සෙනසුරාදා?

අල්විස් Friday, 22 November 2013 08:55 AM

දෙවියන්ට ඔප්පු වෙච්චාවේ ... (නි)

:       0       0

නුගේගොඩ Friday, 22 November 2013 02:50 PM

ස්තුතියි ශලිනි. (ස)

:       0       0

මිනිපෙ Thursday, 21 November 2013 10:20 PM

සෙනසුරු අපලේ පලදෙන්නේ හෙනහුරදට. (අ)

:       0       0

ශලිනි Friday, 22 November 2013 09:21 AM

මෙතන වෙන්නේ ඒ රටවල සෙනසුරාදා වැඩ ගොඩක් ආයතන වල.ඉරිදා නිවාඩු.ඉතින් සෙනසුරාදා හවස තමන්ගේ කෙනාව හරි වෙන කෙනෙක්ව හරි මුණ ගැහෙන්න වෙලාව දාගන්නවා.සඳුදා හරියට වැඩ, ඒ හින්දා සඳුදට දාගන්නේ නෑ.ඔච්චරයි. (ස)

:       0       0

ලලිත් Thursday, 21 November 2013 11:13 PM

ඒක නම් ඇත්ත. මටත් ඒ දවස්වල හැමෝම එන්න කියන්නේ සෙනසුරාදාටමයි. බොහොම අමාරුවෙන් එක්කෙනෙකුට හොරෙන් තව එක්කෙනෙක් හම්බවෙන්න වෙලාව දාගන්නේ. (නි)

:       0       0

සිරියලතා Friday, 22 November 2013 04:16 PM

ශලනි ලෙස කෙනෙක් වගෙඑඑඑ (ස)

:       0       0

ලොගෙස්වරන් Friday, 22 November 2013 12:53 AM

මේ කතාව ඇත්ත. ලංකාවෙ මේ තත්වය තියනවා .රෙස්ට් රූම් වැඩියෙන් පිරෙන්නේ මේ දවසට. වැඩියෙන් පන්ති තියෙන්නේ මේ දවසේ .වැඩ කලින ඉවර වෙන්නෙත් මෙදවසේ .දෙගොලන්න්ටම සුර ලෝකේ සෙනසුරාදා තම.(ස)

:       0       0

චමින්ද Thursday, 21 November 2013 05:33 PM

අපේ ආච්චිත් සෙනසුරාදට යන්න මේකප් දානවා.(නදී)

:       0       0

සත්‍යපාල Friday, 22 November 2013 04:37 PM

ශලිනි, ඔබ ඒ රටවල කියන්නේ මොන රටවලද? මම ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ නම් වැඩ කරලා තියෙනවා.සෙනසුරාදට වැඩ නෑ.ඔබ කතා කරන්නේ මැද පෙරදිග රටවල් ගැනද? මම එහෙ ඉන්න කාලෙ නම් බ්‍රහස්පතින්දා, සිකුරාදා නිවාඩු.අනික බොරු සෝබන පෙම්වතුන්ගේ දින සැමරුම් මැද පෙරදිග නෑ. පෙම්වතුන්ගේ දිනය ලොකුවට සමරන ඇමෙරිකාවේ එදාටත් ජෝඩුව හෝටලයෙන් කාල බිල ගෙවන්නේ වෙන වෙනම.බිරිදගේ කාපු බිල ගෙවන්න සල්ලි මදි උනොත් සැමියාගෙන් ණයට ඉල්ලගන්නවා ගෙදර ගිය ගමන් දෙනවා කියලා.ආදරේ....සුන්දර ද මෙතරම්.....සුවද දැනී...දැනෙනවා......// (ස)

:       0       0

නුගේගොඩ Friday, 22 November 2013 01:07 PM

ශලිනි, ඔයාට මාතෘකාව තේරිලා නැහැ වගේ. ඒකනේ වෙන අය මුණගැහෙන එකක් දාල තියෙන්නේ. කොල්ලෝ කෙල්ලෝ අතර ආදරය කරන කාලේ වෙන අයව මුණ ගැහෙන්නේ නැහැනේ. වෙන අය මුණගැහෙන්නේ බැදපු අයනේ. (නදී)

:       0       0

නිර්මිත Saturday, 23 November 2013 01:45 PM

ඒක නම් ඇත්ත අපිත් හම්බ වෙන්නේ සෙනසුරාදා.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 21 November 2013 08:28 PM

මට නම් දවස් හතම හොදයි....මොකද අපිය බලන්න කව්රුත් නැනේ (අ)

:       0       0

ශලිනි Friday, 22 November 2013 02:15 PM

නුගේගොඩ, මෙතන මාතෘකාව පර්යේෂකයෝ දාපු එකක් නෙවෙයි.මං කතාකරන්නේ පර්යේෂණය ගැන.වෙන කෙනෙක් කියන්නේ අනියම් සබඳතා නෙවෙයි, බහු පාර්ශවික ප්‍රේමයන්, ප්‍රේමය නොවන සබඳතාවන්,(ප්ලේටෝනික ෆෙන්ස් ) සමලිංගික චර්යාවන් ඒ සියල්ල. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 21 November 2013 08:40 PM

මේ ෂමීක්ෂණයේ ප්‍රතිඑල මාත් පිලිගන්නවා මොකද නුවර පවුද්ගලික පන්ති බොහොමයක් තිබෙන්නේ සෙනසුරාදට. එදාට මුළු මහනුවරම දිලිසෙනවා. (අ)

:       0       0

සෑම් Friday, 22 November 2013 07:57 PM

සදුදා අධික වෙහෙසකර වෙයි. මොකද සෙනසුරාදයි ඉරිදයි කාපු ඒවා වල රස දැනෙන්නේ එදාට නිසා. (නි)

:       0       0

නුගේගොඩ Friday, 22 November 2013 08:49 AM

මමත් ඔහොම ගිය හැටි මතකයි....මට හොද හැටි මතකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site