IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙනුමට ඔසුවකි මිදි යුෂ

කැරට් ආහාරයට ගැනීමට වඩා රතු මිදි යුෂ පානය කිරීමෙන් ඇස් පෙනීම දියුණුවන බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මිලන් පාන්ඩේ පර්යේෂණයක් මගින් තහවුරු කැර ඇත.

මිදි ලෙල්ලේ ඇති සංඝටක හේතුවෙන් වයසට යාමේ දී පෙනීමට ගැටළු ඇතිකැරන පේෂි නැවත පණගැන්වෙන බව හෙතෙම සොයාගෙන ඇත.

ඇසේ රුධිර නාල වර්ධනය නැවතීම වයසට යාමේ දී ඇස් පෙනීම දුර්වල වීමට හේතුවක් බව පවසන වෛද්‍ය පාන්ඩේ පෙන්වාදෙන්නේ මේ තත්ත්වය බ්‍රිතාන්‍යයේ අන්ධභාවයට ප්‍රධාන හේතුවක් ද වන බවයි. විශේෂයෙන් ම දියවැඩියාවෙන් පෙළෙන්නන්ට මේ තත්තවය වඩාත් අන්තරායදායක බව ද ඔහු පවසයි.

ඇසේ පේෂීන් පණගැන්වීමට සමත් පොලිපිනෝල් නම් රසායනික සංඝටකය මිදි යුෂ හා මිදි ගෙඩියේ ඇති බැවින් මේ තත්ත්වයෙන් මගහැරි ඇසේ පෙනීම මියයන තුරු හොදින් පවත්වාගෙන යාමට මිදි යුෂ පානය ඉවහල්වන බව ද ඔහු කියා සිටියි.

එමෙන් ම ඔහු වැඩි දුරටත් දක්වා ඇත්තේ නිවිති වැනි පලාවර්ග හා කොළ පැහැති එළවළු ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වන බවයි. විටමින් ඒ, සී සහ ඊ සහිත ආහාර සහ මේදය සහිත ආහාර ද ඇස් රෝග වළක්වාලන බව පාන්ඩේ ‍සිය පරීක්ෂණයෙන් පෙන්වා දී ඇත. මේ විටමින් වර්ග දීප්තිමත් වර්ණ සහිත පළතුරු සහ එළවළු වන ඉරිගු, දොඩම් සහ සියඹලාවල බහුලව ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

 



අදහස් (0)

පෙනුමට ඔසුවකි මිදි යුෂ

චමත් ඉතාලිය Friday, 06 December 2013 02:23 PM

මාගලි, එහෙනම් ඔන්න මම බොන්නේ නැහැ හොඳේ. (ස)

:       0       0

සෙනරත් Friday, 06 December 2013 09:20 AM

අයියෝ මේ පොටෝ වල තියෙන්නේ මිදී යුෂ නොවේ ..ඒ වයින් නේ. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 07 December 2013 10:20 PM

හොඳ ලිපියක්..!(දිල්)

:       0       0

ජයතිලක Friday, 06 December 2013 06:30 PM

බොන්න නම් ආසයි. ගාණනේ ප්‍රශ්නේ. (නි)

:       0       0

ශාන්ති Saturday, 07 December 2013 10:49 PM

චාමත් බිවුට කමක් නැහැ ගානකට ? මොනම දෙයක් වත් පමණට වඩා හොද නැහැ(දිල්)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 11:43 PM

මගේ ඇස් පෙනීම දුර්වල වේගෙනයි එන්නේ. ඒත් ඉතින් මිදී යුෂ බොන්න හිතෙන්නෙම නැහැනේ (නි)

:       0       0

ශාන් Friday, 06 December 2013 01:58 AM

හොඳ ලිපියක්. පරණ කරපු මිදී යුෂ (වයින් ) වලත් මේ ගුණය තිබෙනවද? (නි)

:       0       0

සෝමසිරි - ජිනීවා Friday, 06 December 2013 12:34 PM

මේවා බීවොක් උඩ යනවා (නදී)

:       0       0

මගලී ප්‍රනාන්දු Friday, 06 December 2013 01:50 PM

ඔව් මිදී යුෂ කියන්නේ වයින් නෙමේ .ඒත් මිදී යුෂ පැණි රස වැඩිය බොන්න හොඳ නෑ දියවැඩියාව තියෙනවා අය.නිකන් අයත් වැඩිය බොන්න හොඳ නෑ ....වයින් වලත් සීනි මධ්‍යසාර තියෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site