IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’පන්ජ්ෂීර්’ නිම්නයේ දරුණු ගැටුම්

ඇෆ්ගනිස්තානයේ 'පන්ජ්ෂීර්' නිම්නයේ තලේබාන් විරෝධී සටන්කාමීන් සහ තලේබාන් සටන්කාමීන් අතර අවි ගැටුම් උත්සන්න වී ඇති බවත් 600 කට වැඩි පිරිසක් එම ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, ඔවුන්ගේ සටන්කාමීන් මේ වනවිට 'පන්ජ්ෂීර්' නිම්නය මුළුමනින්ම වට කර තිබේ.

ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් සහ තලේබාන් විරෝධී බටහිර හමුදාවට සහාය දැක්වූ සටන්කාමීන් 'පන්ජ්ෂීර්' නිම්නයට එක් රොක් වූහ. මෙම සටන්කාමීන් හැදින්වෙන්නේ 'තලේබාන් විරෝධී ජාතික පෙරමුණ' යන නමිනි.

මෙම සටන්කාමීන්ට නායකත්වය දෙන්නේ අහමද් මසූද් ය. තලේබාන් විරෝධී බලකායක් නිර්මාණය කළේ මසූද් ය. 'තලේබාන් විරෝධී ජාතික පෙරමුණ' මෙහෙයවන්නේ, ඇෆ්ගන් රජයේ උප ජනාධිපතිවරයාය.

බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ ජනාධිපති ලෙස කටයුතු කළ අෂ්රාෆ් ඝානී, තලේබාන්වරුන් කාබුල් අගනුවර අල්ලා ගනිද්දී රටින් පලා ගිය නමුත්, අම්රුල්ලා සලේ 'පන්ජ්ෂීර්' නිම්නයට ගොස් තලේබාන් විරෝධී සටන්කාමීන් සමඟ එක් විය.

'පන්ජ්ෂීර්' නිම්නය සම්පූර්ණයෙන් වට කරමින් බලය තහවුරු කර ගත් බව තලේබාන් සංවිධානය පවසා ඇති නමුත්, අම්රුල්ලා සලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දරුණු අවි ගැටුම් පැවැතියත්, තලේබාන් සංවිධානයට තවමත් 'පන්ජ්ෂීර්' නිම්නයේ පළාත් අත්පත් කර ගැනීමට නොහැකි වුණු බවය.
'පන්ජ්ෂීර්' නිම්නයේ තලේබාන් පාලනයට එරෙහි ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සිටින බවත්, ඔවුන් දිගටම තලේබාන්වරුන්ට එරෙහිව සටන් කරනු ඇති බවත් අම්රුල්ලා සලේ පවසා ඇත.

තලේබාන්වරුන් පවසා ඇත්තේ ඔවුනක් පිහිටුවන නව රජය විදේශ සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවය. ඇෆ්ගන් වැසියන් වෙනුවෙන් ෂරීයා නීතිය ට අනුව ජනතා හිතවාදී පාලන ක්‍රමයක් හඳුන්වා දෙන බවට තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී ඇත.

බාලිකා අධ්‍යාපනයට අවසර දෙන බවත්, කාන්තාවන්ට කිසිදු බාධාවකින් තොරව රැකියා කිරීමට අවසර දෙන බවත් තලේබාන් සංවිධානය පවසා ඇත. තලේබාන් විරෝධී සන්නද්ධ පිරිස් පවසන්නේ තලේබාන් සංවිධානය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවය.

(රොයිටර්)



අදහස් (1)

’පන්ජ්ෂීර්’ නිම්නයේ දරුණු ගැටුම්

Nabi Monday, 06 September 2021 09:40 AM

මේ අය මනුස්ස සංහතියටම හිසරදයකි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site