IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයින් 90ක් ඝාතනය කළ බව ඇමරිකාවේ සිරකරුවකු පාපොච්චාරණය කරයි

පසුගිය දශක දෙකක කාලය තුළ තමා විසින් පුද්ගලයන් 90ක් ඝාතනය කළ බව ඇමරිකාවේ බන්ධනාගාරයක සිරදඬුවම් විඳිමින් සිටින පුද්ගලයෙකු පාපොච්චාරණය කර ඇත.මොහු 78 හැවිරිදි සැමුවෙල් ලිටිල් නම් පුද්ගලයෙකි.

ඇමරිකානු ඉතිහාසයේ මෙවන් සිද්ධියක් මින් පෙර වාර්තා වී නොමැති බව ඇමරිකානු රහස් තොරතුරු සේවය පවසයි.

බලධාරීන් පවසන්නේ වර්ෂ 1970 සිය 2005 අතර කාලයේ සිදුවූ කාන්තා ඝාතනයන් හා මෙම පුද්ගලයාගේ පාපොච්චාරණයන් අතර සම්බන්ධතාවය සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

කෙසේ වුවද මිනීමැරුම් 34කට මොහු සෘජුවම සම්බන්ධ බව ගවේෂණ වලින් තහවුරු වී ඇති අතර තවත් බොහෝ ඝාතන සම්බන්ධ තහවුරුකිරීම් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

2014 වර්ෂයේදී කාන්තාවන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වීම හේතුවෙන් ලිටිල් මේ වනවිට සිරගතව සිටී.

මොහු විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ඉතා සියුම් සාක්ෂියක් හෝ ඉතිරි නොවන පරිදි හා ඝාතනක් ලෙස හඳුනා ගැනීමට නොහැකි වන පරිදි සිදු කර ඇති බව පොලිසිය පවසයි.

ඒවා බොහෝ විට මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීම රිය අනතුරු හෝ ස්වාභාවික මරණ ලෙස බලධාරීන් විසින් නිගමනය කර ඇත.

ලිට්ල් මේ වන විට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔහුගේ මරණය සිදුවන තෙක් ටෙක්සාස් බන්ධනාගාරය තුල ගතකිරීමට සිදුවනු ඇති බව පොලිසිය පවසයි.

(බීබීසි ඇසුරිණි - 085)

 



අදහස් (0)

පුද්ගලයින් 90ක් ඝාතනය කළ බව ඇමරිකාවේ සිරකරුවකු පාපොච්චාරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1807 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site