IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පෘථිවියට දර්ශනය නොවන පැත්තට අභ්‍යවකාශ යානයක් යැවීමට චීනය සමත් වෙයි


සඳේ පෘථිවියට දර්ශනය නොවන ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වීමට චීනය සමත් වි ඇත. 
 
මෙය එම ප්‍රදේශයට යානයක් ගොඩබැස්වූ ප්‍රථම අවස්ථාව වන අතර එමගින් සඳේ ජෛවවිද්‍යාත්මක හා භූ විද්‍යාත්මක පර්යේෂණයන් රැසක් සිදුකිරීමට නියමිතව ඇත.
 
චැන්ජි - 4 ලෙස නම් කර ඇති යානය සඳේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි එයිට්කන් ද්‍රෝණියට පතිත කර ඇති අතර චීන මාධ්‍ය පවසන්නේ මෙය අභ්‍යවකාශ ගවේෂණයේ දැවැන්ත පියවරක් වනු ඇති බවයි.
 
මිට පෙර සඳමත සියලු මෙහෙයුම් සිදු කර ඇත්තේ පෘථිවියට මුහුණලා ඇති පැත්තේ වන අතර අනෙක් පැත්තට යානයක් පතිත කරවීම අවදානම් සහ දුෂ්කර ක්‍රියාවලියක් බව පැවසේ.
 
යානය විසින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප කිහිපය මේ වනවිට ලැබී ඇති බව චීන අභ්‍යවකාශ කාර්යාංශය වාර්තා කරයි.
 
චැන්ජි - 3 නමින් 2013 වර්ෂයේදී ද  චීනය විසින් සඳ මතට යානයක් ගොඩබස්වා ඇත.  

(බීබීසී ඇසුරිණි - 085)




අදහස් (0)

පෘථිවියට දර්ශනය නොවන පැත්තට අභ්‍යවකාශ යානයක් යැවීමට චීනය සමත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 777 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2418 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site