IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පාණ්ඩ්‍ය කාලේ බුදු රුවක් මතුවෙයි

නෙළා නිම නොකළ බුදු රුවක් තමිල්නාඩුවේ ආඬිපත්ති රෝසල්පත්ති ගමෙන් සොයාගත් බව පාණ්ඩ්‍යනාඩු පර්යේෂණ මධ්‍යස්ථානය කියයි.

මෙම බුද්ධ රූපයේ මූර්ති ශිල්පීන් ජෛන ආගමට සම්බන්ධ බව පෙනේ යැයිද, පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ පෙදෙසකින් එවැනි පිළිරුවක් සොයාගැනීම ඉතා දුර්ලබ දෙයක් බවද මෙම පිළිමවහන්සේ දසවැනි සියවසට අයත් බව පෙනේ යැයිද පුරාවිද්‍යාඥයෝ කියති.

එරමිණියා ගෙතූ පද්මාසන ස්වරූපයෙන් පිළිමවහන්සේ නෙළා ඇති බවත් සිරස සම්පූර්ණ කර නැති බවත්  පිළිමවහන්සේ නිරීක්ෂණය කළ විද්වත්හු කියති.

ගරා වැටුණු ශිව දේවාලයක තිබී එම ප්‍රතිමාව සොයාගෙන ඇත.

(හින්දු පුවත්පත ඇසුරෙනි)

BUDDHA201598



අදහස් (0)

පාණ්ඩ්‍ය කාලේ බුදු රුවක් මතුවෙයි

ප්‍රියංක Tuesday, 08 September 2015 11:53 AM

බුදු රුවක් ජෛන ආගමේ තියෙනවද? මොකක්ද මේ කියල තියෙන්නේ? (ම)

:       0       0

ඩෙස්මන් Tuesday, 08 September 2015 12:24 PM

පරික්ෂණ වලින් ඉදිරියේදී වැදගත් ‍තොරතුරු රැසක් හෙළිවේවි (නි)

:       0       0

ඉනෝකා Wednesday, 09 September 2015 08:12 AM

මා ජීවත්වෙන රටේ,වරෙක මෙතුමන් වැඩහිඳිනා මන්දීරයට පිය නඟද්දී මුලින් මා සිතුවේ අප දැක පුරුදු බුදු හිමියන්ගේ පිළිරුවක් බවයි.නමුත් පසුව දැනගැනීමට ලැබුනේ ජෛයින මුනි මහාවීර මුණිතුමන්ගේ පිළිරුවක් බව.ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උපත ලද මෙතුමන්ගේ පිළිරුව බුදු සමිඳුගේ පිළිරුවට බොහෝ සේ සමානයි. (නි)

:       0       0

ඉලේපෙරුම Tuesday, 08 September 2015 03:15 PM

මේක ජෛන මුනි මහාවීර තුමාගේ පිළිරුවක්. මහාවීර තුමාගේ පිළිම හා බුදු පිළිම බොහෝ සෙයින් එකිනෙකට සමානයි. (බ)

:       0       0

චම්පා වෛද්‍යතිලක Saturday, 12 September 2015 02:09 AM

මේ ප්‍රතිමාව ජෛන මහාවීරතුමාගේ යැයි සිතමි. මන්ද එය ශිව දේවාලයකින් හොයාගැනීම. ඒ නිසා අරුමයක් නැහැ. (නි)

:       0       0

වජිරපාල Wednesday, 09 September 2015 11:43 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 09 September 2015 04:17 AM

සාදු සාදු (අ)

:       0       0

ඩෝසන් Wednesday, 09 September 2015 04:35 AM

පුදුමයි ඉතිරිවුණ එක මේ පිළිම බේරුවට දෙවිදුන්ට ඉතුති වේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site