IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පටි තද කර ගන්නැයි කියයි

ඉදිරි මාස 3 අසීරුතා රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පාකිස්තාන රජය වෙනුවෙන් එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පාකිස්තාන ජනතාවට අනතුරු ඇගවීමක් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ පාකිස්තාන කොටස් වෙළෙදපොළේ විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි.

ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් පාකිස්තානය ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත්, එය ඉදිරි මාස 3 දී උත්සන්න වනු ඇති බවත් මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පැහැදිලි කළේය.

ඉම්රාන් ඛාන් බලයෙන් ඉවත් කිරීමෙන් පසු රජයක් පිහිටුවූයේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයයි. ඒ විපක්ෂය ද හවුල් කර ගනිමිනි. මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.

"මීට පෙර මුස්ලිම් ලීගය එන් රජයක් පැවැති කාලයේ රටේ අයවැය හිගය ඇමෙරිකන් ඩොලර් බිලියන 1,600 ක් වී තිබුණා. ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් රජය බලයේ සිටිද්දී වසර 4 ක් තුළ අයවැය හිගය ඇමෙරිකන් ඩොලර් 3,500 දක්වා ඉහළ ගිහින්." යැයි මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පටි තද කර ගන්නැයි කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site