IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පිටසක්වල අමුත්තෝ ආවාදැයි සැකයක්

හූස්ටන් ඉහළ අහසේ දින කිහිපයකට පෙර දක්නට ලැබුණු ඕවලාකාර අමුතු ආලෝක ධාරා සමූහය පිටසක්වල යානයකින් නිකුත්වූ එළියක් දැයි සැකයක් පවතී. ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ මෙය විශාල ප්‍රදේශයක පැතිරී සිටින පිරිසක් දැක ඇති බවයි. එමෙන් ම විවිධ කෝණවලින් ඒ ආලෝක ඡායාරූපයට නගා තිබිණි.

කාලගුණ විද්‍යා දත්ත අනුව එදින කුණාටු සහිත දිනයකි. ස්වභාවික විද්‍යාව සම්බන්ධ හූස්ටන් කෞතුකාගාරයේ තාරකා විද්‍යා අංශයේ උප සභාපතිනි ආචාර්ය කැරොලින් සම්නර්ස් පවසන්නේ මෙය පිටසක්වල යානයක් යැයි පහසුවෙන් නිගමනය කළ හැකි වුව ද ඉතිහාසයේ වාර්තා වී ඇති සියළු සිදුවීම් අනුව අපට පැහැදිලි කළ නොහැකි දේ සිදුවන බවයි.

article-0-209B3E0200000578-356_634x669 article-0-209B3E0700000578-943_634x622 article-0-209B4CC100000578-571_634x451



අදහස් (0)

පිටසක්වල අමුත්තෝ ආවාදැයි සැකයක්

ලියනගේ Wednesday, 20 August 2014 11:40 AM

ඇයි දන්නෙ නැහැ නේද මෙයාලා ඇමරිකාවට විතරක් එන්නෙ... මෙහෙ වීසා ප්‍රශ්න නිසා වෙන්න ඇති නේද? (නි)

:       0       0

තිලා Wednesday, 20 August 2014 02:41 AM

ෆොටෝ ෂොප් කියන මෘදුකාංගය ගැන අහලවත් නැද්ද? (නදී)

:       0       0

රම්සි Friday, 22 August 2014 12:33 PM

කිසි සැකයක් නැහැ, අපේ ගෙදර උන්දෑ නම් ඇවිල්ලා තියෙන්නේ පිටසක්වලින්ම තමයි. මොකද දන්නවද, මම කියන කිසිදෙයක් එයාට තේරෙන්නේ නැහැ, එයා කියන කිසිදෙයක් මට තේරෙන්නෙත් නැහැ. (නි)

:       0       0

තිලා Wednesday, 20 August 2014 02:50 AM

රූපවතී අනුන්ගේ බඩට ගහන්නම තමයි බලාගෙන ඉන්නේ. ප්‍රශ්නේ කියන්නේ රූපවතී හුස්ටන් වල මැර දේශපාලුවෝ, ත්‍රීවීල් නැති එකයි (නදී)

:       0       0

ලක්විදු Friday, 22 August 2014 12:37 PM

වලාකුළු ඇති දිනක ලේසර් දහරා මගින් මෙවන් දෙයක් කිරීම ඉතා සුළු දෙයක්. (නි)

:       0       0

ලකී Wednesday, 20 August 2014 04:14 AM

ලංකාවේ කෙල්ලෝ ටික අරන් ගියානම් කොච්චර හොදද.(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 August 2014 04:14 AM

මෙයාලා මනුසයොද සත්තු කොටසක්ද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

ගෝකුල Wednesday, 20 August 2014 05:35 AM

සමහර අයට දැන් මොකක් දැම්මත් පොටෝ ෂොප්. ඔහේ කියවනවා (නදී)

:       0       0

මල් මාමා Wednesday, 20 August 2014 06:24 AM

හානේ ලස්සන බල්බ් ටිකක්.....(ස)

:       0       0

රූපවතී Wednesday, 20 August 2014 06:32 AM

තිලෝ.. මම කීවේ හැම රටකම කියලයි,..විශේෂයෙන් ලංකාවේ ..? (ස)

:       0       0

විදුරංග Wednesday, 20 August 2014 06:36 AM

ෆොටෝ ෂොප් කියල එකක් තිබ්බට නොදන්න හැම එකම ෆොටෝෂොප්වලට බැර කරන්න එපා. මේක එක මිනිහෙක් විතරක් දැක්ක දෙයක් නෙවෙයි. (ස)

:       0       0

චරිත රුක්මල් Wednesday, 20 August 2014 06:36 AM

අපරාදේ ලංකාවට අාව නම් උන් අාපහු එන්නෙ නෑ පෘතුවියට.. (ස)

:       0       0

ගමගේ Wednesday, 20 August 2014 02:08 PM

අද ලෝකයේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම මේ සිද්ධිය අමුතු එකකුත් නෙමෙයි. මොකද ඒ ඉන්නෙත් එක්තරා ජීවින් වර්ගයක් (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 20 August 2014 07:32 AM

කොල්ලන්ට ගහන කෙල්ලන්ව අල්ලන් යන්න එන්නෙ. (ස)

:       0       0

චින්තක Friday, 22 August 2014 06:09 PM

රම්සිගේ නෝනගේ නංගි ඉන්නේ අපේ ගෙදර. එයාටත් මම කියන දේ තේරෙන්නේ නෑ. ලොකු දෙයක් ගැන බර කතාවක් කියන්න ගියාම යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්නයක් අහනවා. කතාව එතනින් අහවරයි. (නදී)

:       0       0

රසිකා Wednesday, 20 August 2014 03:35 PM

ඒ ගොල්ලො කියනවා අපි අහනවා. (අ)

:       0       0

චමත් Friday, 22 August 2014 06:38 AM

ඔය එන්නෙ හොඳකටනම් වෙන්න බෑ (ස)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Tuesday, 19 August 2014 01:19 PM

මාර වැඩේනේ , මෙයාල හොරෙන්ම එන හැටි , කාටවත් නොකියා (අ)

:       0       0

කීර්ති Tuesday, 19 August 2014 02:01 PM

ලස්සන පිංතූර

:       0       0

වසන අනුරාධි Tuesday, 19 August 2014 02:11 PM

පිටසක්වලින්වත් ඇවිත් අපිට හොද දෙයක් කරනවනම් ගුණ දහම් කියා දෙනවා නම් තිරසාර සංවර්දනය දේශපාලනයට බලවත් රටවල් වලට කියා දෙනවා නම් ලෝක බලවතුන් කියන අය නැතිව හැම මනුස්සයෙකටම වගේ හැම රටකටම නිදහසේ ඉන්න ප්‍රජාතාන්තික නිදහසක් තියනවා නම් මේ ලෝකය මොන තරම් සුන්දරද. (අ)

:       0       0

සහන Thursday, 21 August 2014 03:50 PM

මේක ඇමෙරිකන් ගුවන් හමුදාවේම අත්හදා බැලීමකද දන්නේ නෑ. ඒ ගොල්ලොන්ගේ තාක්ෂනය ඒ තරම් ඉහළයි. (නදී)

:       0       0

අජන්ත Wednesday, 20 August 2014 06:27 PM

ආවා නම් නියමයි නේද? (නි)

:       0       0

කුමාර Tuesday, 19 August 2014 04:12 PM

ලංකාවට කුඩු ගේනවාද දන්නේ නෑ (අ)

:       0       0

නුවන් Wednesday, 20 August 2014 09:52 AM

අදහස් දාන්නේ මෝඩ පහේ සෙට් එකක්නේ (නදී)

:       0       0

රන්ජිත් අමරසේකර Wednesday, 20 August 2014 09:53 AM

ඇමෙරිකන් ගුවන් හමුදාවට ගුවනට ගොස් මෙය පරික්ෂා කර ගන්න බැරි උනාද? (නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 19 August 2014 06:49 PM

ඡායාරූප ටික නම් නියමයි (නි)

:       0       0

මංචනායක Thursday, 21 August 2014 07:44 PM

පිටසක්වල ජිවින්ට හොදටම තේරෙන භාෂාව අපගේ සිංහල භාෂාවයි . (ස)

:       0       0

ඇන්තනී Saturday, 23 August 2014 02:49 AM

ඇමෙරිකාව ලෝකෙටම කරන අපරාද ගැන ආරංචි වෙලා ආවනම්, ළඟදීම හුස්ටන් හිරෝෂිමා වෙලා නිව්යෝක් නාගසාකි වේවි (නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 19 August 2014 07:52 PM

ඔය එන්නේ දේශපාලුවන්ව අරගෙන යන්න. එහේ දේශපාලනය කරන්න කවුරුත් නැතිලු.... (නි)

:       0       0

රුවන්ක Tuesday, 19 August 2014 09:22 PM

ඇත්තටම ඇවිල්ලාද පිටසක්වලින්? (නි)

:       0       0

රූපවතී Tuesday, 19 August 2014 09:33 PM

හැම රටකම ඉන්න මැර දේශපාලුවො ටිකයි, ත්‍රීවීල් ටිකයි කුදලාගෙන යනවා නම් මට ඒ ඇති (නි)

:       0       0

බුද්ධික Thursday, 21 August 2014 02:55 AM

අනේ ලංකාවට එන්නකෝ. ඇවිල්ලා මෙහෙ ඉන්න දේශපාලුවන් ඔක්කොම ටික අරගෙන යන්නකෝ (නි)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 12:35 AM

අපේ රටෙත් අහවල් ඔයේ ඉන්න මඩකරි සියල්ලෝම වගේ පිටසක්වල ජීවීන් වියයුතුයි. නැත්නම් මේ විදියට මුළු රටටම වින්නැහියක් වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site