IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුටින් විශ්වාස කරන්න එපා

රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, ඊට විසඳුමක් සෙවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ, ඔහුගේ පරිපාලනය සූදානම් වෙයි.

ට්‍රම්ප් පවසා ඇත්තේ සෞදි අරාබියේ දී තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවය.

ට්‍රම්ප් සහ පුටින් අතරේ සෘජු සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් කල්පනාකාී විය යුතු බවත්, රුසියන් ජනාධිපති පුටින් විශ්වාස කළ නොහැකි නායකයකු බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

රුසියන් යුක්රේන යුද්ධයට විසඳුමක් සෙවීම, ඇමෙරිකාව සහ රුසියාව පමණක් එක් වී කළ නොහැකි දෙයක් බවත්, යුරෝපා රටවල් ද අනිවාර්යයෙන් ඊට සහභාගී කරගත යුතු බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.

ඊට අමතරව, යුක්රේනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තනිවම කළ නොහැකි බව ද යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව, යුක්රේනයට ලබා දෙන සහාය නවත්වන්නේ නම්, රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේනය අසරණවනු ඇතැයි ද යුක්රේන ජනාධිපතිවරයා පන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පුටින් විශ්වාස කරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site