රුසියාවේ අවි ආයුධ ගනුදෙනු පිළිඹඳ සීමා පැනැවිය හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණක් බව රුසියා ජනපති ව්ලැදිමිර් පූටින් කියයි. ඔහු මේ බව කීවේ රුසියාව සිරියාව සමග කැරෙන අවි ආයුධ ගනුදෙනු ගැන බටහිර රටවල් න`ගන චෝදනා වලට පිළිතුරු බැඳීමක් ලෙසය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට පනවන සම්බාධක අනුව එරට සමග රුසියාව කරන ගනුදෙනු සීමා කිරීමට තමන් කටයුතු කරන බව පූටින් පවසයි. එතෙක් රුසියාව ගනුදෙනු කළ යුත්තේ කා සමගද හා කෙසේද යන්න ගැන කිසිවකුගේවත් උපදෙස් අනවශ්‍ය බව ඔහු කියයි. රුසියාවෙන් පසුගිය වසරේදී සිරියාව මිලදී ගත් අවි ආයුධ වල වටිනාකම ඩොලර් සිය කෝටියක් ( රුපියල් කෝටි 13200)ඉක්මවයි. සිරියාව සමග කැරෙන ආයුධ ගනුදෙනු සාධාරණීකරණය කරමින් රුසියාව පවසන්නේ සිරියා කැරලිකරුවන් නීති විරෝධී ලෙස ආයුධ සපයා ගන්නා බැවින් රජයට ආධාර කිරීමේ වරදක් නොමැති බවයි. රුසියාව කිසි විටෙකත් සිවිල් යුද්ධයක් ඇති කිරීමේ අරමුණින් සිරියාවට අවි ආයුධ අලෙවි නොකරන බව පූටින් අවධාරණය කරයි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පූටින් බටහිරට උත්තර දෙයි
සිල්වා Friday, 19 October 2012 01:38 AM
පූටින්, ඔබට ජය! (නි)
ශාන් Thursday, 18 October 2012 03:21 PM
බොහෝ රටවල් දැන් අනුගමනය කරන්නේ කක්කුට්ටාගේ නියමයයි (නි)