IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පුටින් ට වැරදි තොරතුරු දීලා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ, රුසියන් හමුදා උපදේශකයන් ඔහුට දුන් වැරදි තොරතුරු අනුව යැයි සන්නිවේදන කටයුතු සම්බන්ධ ධවල මන්දිර ප්‍රකාශිකා කේට් බෙඩින්ෆීල්ඩ් පවසයි.

කේට් බෙඩින්ෆීල්ඩ් මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය.

වැරදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් සිය හමුදා උපදේශකයන් සමඟ දැඩි කේන්තියෙන් පසුවන බව ද බුද්ධි අංශ අනාවරණය කර තිබේ. ‘රුසියන් හමුදා ප්‍රධානීන්, ජනාධිපති පුටින් නොමඟ හැර තිබෙනවා. හමුදා උපදේශකයන් ඔහුට ලබා දුන් උපදෙස් අනුවයි ඔහු රුසියාවට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත්තේ. ඒත් එය සාර්ථක වුණේ නැහැ. ඒ ගැන දැන් පුටින් ඉන්නේ කේන්තියෙන්.’ යැයි කේට් බෙඩින්ෆීල්ඩ් පැහැදිලි කළේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේය.

යුක්රේනය ඉතා පහසුවෙන් ආක්‍රමණය කළ හැකි බවත්, බටහිර රටවල් පනවන සම්බාධකවලින් රුසියාවට හෝ රුසියාවේ ආර්ථිකයට හෝ කිසිදු බලපෑමක් නොවනු ඇති බවත් හමුදා උපදේශකයන් පුටින්ට පවසා ඇත. ඊට අමතරව, යුක්රේනය ආක්‍රමණය කරන රුසියන් හමුදාවට යුක්රේන වැසියන්ගේ සහාය ලැබෙනු ඇති බවත්, යුක්රේන හමුදාව අවි බිම දමා රුසියාවට යටත් වනු ඇති බවත් හමුදා උපදේශකයන් පුටින් ට පවසා ඇතැයි කේට් බෙඩින්ෆීල්ඩ් පැහැදිලි කර තිබේ.

හමුදා උපදේශකයන් වැඩිදුරටත් පුටින්ට පවසා ඇත්තේ, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණයට ගිය විට, යුක්රේන රුසියන් හිතවාදී වැසියන් එක් වී, රුසියන් හමුදා සමඟ සාදරයෙන් පිලිගනු ඇති බවය.

කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ නිර්භීතබව නිසාත්, යුක්රේකන වැසියන් සහ හමුදාව සෙලෙන්ස්කී වටා එක්රොක් වී ප්‍රතිප්‍රහාර එල්ල නිසාත් රුසියන් ආක්‍රමණය පසුබෑමට ලක් වුණු බව ද කේට් බෙඩින්ෆීල්ඩ් වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

පුටින් ට වැරදි තොරතුරු දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site