රුසියන් යුක්රේන යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් මෙම සතිය ඇතුළත පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකන් ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයකු වන ස්ටීව් විට්කොෆ් මේ බව තහවුරු කර ඇත. ඒ, ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
‘රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකාව මැදිහත්වී, සාම වැඩපිළිවෙළක් සහ සටන් විරාමයක් සකස් කර ඇත. දින 30 ක එම සටන් විරාමයට මේ වනවිට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ යුක්රේන රජයේ අනුමැතිය හිමි වී ඇත.
එම සටන් විරාම වැඩපිළිවෙළ සහ සාම වැඩපිළිවෙළ ඇමෙරිකන් නියෝජිතයන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජයට ද යොමු කර ඇති නමුත්, පුටින් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිවක් පවසා නැත. දින 30 ක සටන් විරාමයට කැමැත්ත පළ කිරීමක් ද කර නැත.
එසේ වුවත් රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ, තමන් සටන් විරාමයට කැමැති බවත්, ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවත්ය.
(ඒ.එෆ්.පී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පුටින් ට්‍රම්ප් සාකච්ඡාවට සූදානම්