IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුටින්ට දිගට හරහට සම්බාධක දානවා - ට්‍රම්ප්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සාමය ගැන කතා කළත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඔහුගේ උනන්දුවක් නැතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.

ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට එල්ල කරන ප්‍රහාර කරයේ හෙලා දකිමිනි. යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, රුසියාවටත්, ජනාධිපති පුටින්ටත් දිගට හරහට සම්බාධක පනවන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. 

පසුගිය සති අන්තයේ රුසියන් හමුදා මිසයිල සහ ඩ්‍රෝන 800 ක් භාවිතයට ගනිමින් යුක්රේනයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කළේය. එසේ එල්ල කළ එක් ප්රහාරයකින්,යුක්රේනයේ කීව් අගනුවර, ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලට ද හානි සිදුවිය. යුක්රේන කැබිනට් අමාත්‍යවරන්ගේ ගොඩනැගිල්ල ලෙස ද සැලකෙන්නේ ප්‍රහාරයට ලක්වුණු මෙම ගොඩනැගිල්ලය.

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු, රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් මෙසේ ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ ඉහළ මහල කීපයකටත්, වහලයටත් හානි සිදුවිය. ගින්නක් ද හටගත්තේය. මේ අතර, කීව් අගනුවර සිවැටෝෂයිස්කී දිස්ත්‍රික්කයේ ස්ථාන අටකට කීපයකට ද රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් බිලිඳකු ද ඇතුළු සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සිවැටෝෂයිස්කී දිස්ත්‍රික්කයේ මහල් නිවාස කීපයකට ද රුසියන් හමුදාව ප්‍රහාර එල්ල කළේය.



අදහස් (0)

පුටින්ට දිගට හරහට සම්බාධක දානවා - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site