IMG-LOGO

පුටින්ගේන් නව අවන්හල් ජාලයක්

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමෙරිකන් රජයට සහාය පළ කරමින් රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකන් සමාගම් බොහොමයක් රුසියාවට සම්බාධක පනවමින්, රුසියාව සමඟ සබඳතා අත්හිටුවීමට පීයවර ගෙන තිබේ.

එසේ සබඳතා අත්හිටවූ එක් ඇමෙරිකන් සමාගමක් ලෙස මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සැලකෙයි.

ලෝක ප්‍රකට ක්ෂණික ආහාර වෙළඳ ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් රුසියාවේ ඇති ඔවුන්ගේ අවන්හල් 800 කට වැඩි ප්‍රමාණයක් දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළේය. ඒ එම අවන්හල්වලින් බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ප්‍රිය කරන රුසියානුවන් අමාරුවේ දමමිනි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා මැදිහත් වී, රුසියාවේ බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි ආහාරලෝලීන් වෙනුවෙන් අපූරු ක්‍රියාමාර්ගයක් ගත් අතර, එය සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් කතාබහට හේතුවක් වී ඇත.

මැක්ඩොනල්ඩ්ස් අලෙවිසැල් වසා දැමීමත් සමඟ රුසියානු රජය සන්නාමගත අවන්හල් සියල්ලම වෙනත් නමකින් නම් කර ඇත්තේ මැක්ඩොනල්ඩ් ලාංඡනය ද සියයට 90 කින් කරකවා වෙනස් කරමිනි.

ඒ අනුව රුසියාව අලුතින් විවෘත කළ ආහාර අලෙවිසැල් හැඳින්වෙන්නේ අංකල් වන්යා යනුවෙනි. දේශීය වශයෙන් වගා කරන ලද අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරන බැවින් අංකල් වන්යා අවන්හල්වල ආහාර මිල ද ඉතා අඩු බව පැවැසෙයි.

(බිස්නස් ඉන්සයිඩර්)



අදහස් (4)

පුටින්ගේන් නව අවන්හල් ජාලයක්

Sisira Meedeniya Friday, 25 March 2022 07:17 PM

විශිෂ්ඨ තීරණයක්...!

:       1       58

ඒ.ටි.කේ. චතුරංග Saturday, 26 March 2022 06:46 AM

100 ට 90 කින් නොව, අංශක 90 කින් ලෙස නිවැරදි විය යුතුයි.

:       2       36

Srimathi Saturday, 26 March 2022 07:39 AM

මෙන්න තම රටට ආදරය ඇති මිනිස්සු... රට හදන්න මොළයයි, ක්‍රියාවයි දෙකම අවශ්‍යයි.

:       1       33

Jagath Saturday, 26 March 2022 04:24 PM

නියමයිනේ.. මෙන්න නියම නායකයින්.. ඒකට අපේ අය...

:       1       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site