IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී ඇත්තේ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යැයි පැවැසෙයි.

උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇත. රුසියානු ජනාධිපති පුටින්, උතුරු කොරියා නායකයාට තෑගි වශයෙන් මෝටර් රථයක් එරටට යැවීම එම සම්බාධක උල්ලංඝනය කිරීමක් යැයි ද ජගත් මාධ්‍ය පෙන්වා දෙයි.

රුසියාවත් උතුරු කොරියාවත්, එක ළඟ පිහිටි රටවල් දෙකකි. රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියන් නායක කිම් ජොන් උන් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.

රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාව, උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගන්නා බවත්, රුසියාව, උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහනට සහ අභ්‍යවකාශ වැඩසටහනට සහාය දක්වන බවටත් ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට ජනාධිපති පුටින් තෑගි වශයෙන් ලබා දුන් මෝටර් රථය නායක කිම් ජොන් උන්ට ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 248 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site