IMG-LOGO

පුංචි දරුවන්ටත් හලෝවක් එයි

වයස අවුරුදු 4 ත් 9 ත් අතර කුඩා දරුවන්ටම ගැළැපෙන තාලයේ ජංගම දුරකථනයක් නිර්මාණය කිරීමට බි‍්‍රතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ.

ෆස්ට්ෆෝන් නමින් හැදින්වෙන මේ ජංගම දුරකථනයේ තිරයක් නොමැත.ගබඩා කළ හැක්කේ අංක 9 ක් පමණි.අංක 9 ට බොත්තම් 9 කි.මේ බොත්තම් 9 ට අමතරව තවත් බොත්තම් 2 කි. එක් බොත්තමක් එන ඇමතුම් වලට පිළිතුරු දීමටය.අනෙක ඇමතුමක් විසන්ධි කිරීමටය.

බොත්තම් 9 ට අදාළ අංක ඇතුළත් කිරීමේ හැකියාව ඇත්තේ දෙමව්පියන්ටය.

කුඩා දරුවන්ගේ සිත් දිනා ගැනීමේ අරමුණින් මේ දුරකථන විවිධ වර්ණයන්ගෙන් නිපදවීමටද ඔවුන්ෆෝන් සමාගම කටයුතු කර තිබේ.බොහෝ දෙමව්පියන් තම දරුවාට මිලදී දිය යුතු ප‍්‍රථම ජංගම දුරකථනයේ තිබිය යුතු පහසුකම් ගැන විමසිලිමත් වුවද වෙළදපොලේ පවතින ජංගම දුරකථන ඔවුන් අපේක්ෂා කරන තාලයේ ඒවා නොවන බැවින් මෙවැනි සරල කි‍්‍රයාකාරීත්වයකින් යුතු ජංගම දුරකථනයක් නිපදවූ බව සමාගමේ නිර්මාතෘ ටිම් සන්ඩර්ලෑන්ඞ් කියයි.

මේ නිර්මාණයට මේ වන විට යහපත් මෙන්ම අයහපත් ප‍්‍රතිචාරත් ලැබී ඇති බව සදහන්ය.කාර්යබහුලත්වය හමුවේ තම දරුවන් සමග ලෙහෙසියෙන්ම සම්බන්ධ විය හැකි බැවින් ඇතැමුන් හොද ආකල්පයක් මේ නිර්මානය කෙරෙහි දැක්වුවද කාර්යබහුලත්වය දඩමීමා කරගෙන කුඩා දරුවන්ට මෙලෙස කුඩා අවදියේ පටන්ම ජංගම දුරකථන භාවිතය හුරු කිරීම බොහෝදෙනාගේ විවේචනයට ලක්ව ඇත.



අදහස් (0)

පුංචි දරුවන්ටත් හලෝවක් එයි

ඩී.උපුල් Wednesday, 15 May 2013 10:57 AM

පහසුවෙන්ම ඉලක්ක කළ හැකි පාරිභෝගිකයා වන්නේ දරුවන්. (නි)

:       0       0

මහින්ද Tuesday, 14 May 2013 04:15 PM

එන ඇමතුම් පාලනය කරන්නත් වෙයි (නි)

:       0       0

කුමාර Tuesday, 14 May 2013 04:26 PM

ලංකාවේ විවාහක කාන්තාවන්ටත් අනිවාර්ය කරමු (නි)

:       0       0

අමල් Tuesday, 14 May 2013 03:10 PM

පොඩි උනුත් මල් කඩන්න ගත්තොත් නම් විනාසයි. (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 03:11 PM

බබාල අම්ම කියන්න කලින් හලෝ ගාවිද ? (ස)

:       0       0

සීතා Tuesday, 14 May 2013 03:12 PM

අම්මල නැලවිලි ගීත වෙනුවට හලෝ ගාවි. (ස)

:       0       0

ගිහාන් Tuesday, 14 May 2013 03:13 PM

පුංචි උන් කාට කතා කරන්නද ?(ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 15 May 2013 09:35 AM

අපේ පොඩි දරුවන්ට මේක සාපයක් වෙයිද?(නදී)

:       0       0

සිතිර Tuesday, 14 May 2013 08:33 PM

මටනම් එකේ පේන එකම වැරැද්ද තිරයක් නැති එක විතරයි.(නදී)

:       0       0

සුජා Tuesday, 14 May 2013 09:12 PM

අනේ අම්මෝ මට හිතාගන්න අමාරු අපේ දරුවන් මොනවා කරගනීද කියලා. ඕක අම්මලට හොදයි. එතකොට පවුලම සුරැකේවී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 452 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site