IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තාන හමුදා ප‍්‍රහාරයෙන් ඉන්දීය සෙබළු පහක් මරුට

ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ පාකිස්තාන සහ ඉන්දීය හමුදා සෙබළුන් අතර ඊයේ (6) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඉන්දීය සෙබළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටියේ පාකිස්තාන හමුදා සෙබළුන් දේශසීමා හරහා ඉන්දීය පාලන ප‍්‍රදේශයට පැමිණ එම වෙඩි තැබීම සිදුකර ඇති බවය. ප‍්‍රහාරයට ලක් වී මිය ගොස් ඇත්තේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය සෙබළුන් කණ්ඩායමකි.

වෙඩි තැබීම සැලවූ සැණින් පාකිස්තාන රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සෙබළුන් කිසිවකු ඉන්දීය සෙබළුන්ට වෙඩි ප‍්‍රහාරයක් එල්ල නොකළ බවය.

ඉන්දීය රජයත් පාකිස්තාන රජයත් මේ වනවිට එම සිද්ධිය ගැන පරීක්ෂණ කඩිණමින් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.

මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් යළිත් වරක් ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව දෙරටේම දේශපාලන විචාරකයෝ බිය පළ කරති.

මීට මාස කිහිපයකට පෙර ද පාකිස්තාන සහ ඉන්දීය සෙබළුන් අතර මේ අයුරින් වෙඩි හුවමාරුවක් සිදුවිය. එහිදී පාකිස්තාන සෙබළු පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

හටගත් එම අර්බුදය සමථයකට පත් වූයේ දෙරටේ හමුදාපතිවරුන් කළ සාකච්ඡුාවලින් පසුවය.

නවාස් ෂරීෆ් පාකිස්තාන නව අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ද කියා සිටියේ ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින දේශසීමා අර්බුද විසඳා ගැනීමට කටයුතු කරන බවය.

 



අදහස් (0)

පාකිස්තාන හමුදා ප‍්‍රහාරයෙන් ඉන්දීය සෙබළු පහක් මරුට

ගමගේ Wednesday, 07 August 2013 10:06 PM

වල ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු (දී)

:       0       0

මහින්ද Wednesday, 07 August 2013 04:50 PM

පකිස්ථානයේ එකට එක වැඩක්. මේ අය නිසා කාශ්මීර ජනතාව දුක් විදිනවා (නි)

:       0       0

කුමාර් Wednesday, 07 August 2013 05:49 PM

කාශ්මීරය නිදහස් රටක් වෙන්න ඕනෑ, බ්‍රිතාන්‍යයෝ කාශ්මීරේ ඉන්දියාවට අමුණලා ඉන්දියාව හදලා තියෙන්නේ. ඒ වගේ නාගලන්තය, මිස්රාම්, බෙංගාලය ඉන්දියාවට අයිති ප්‍රදේශ නොවෙයි පැරණි ඉතිහාසෙට අනුව. තව ටිකෙන් ඉංග්‍රීසින් ලංකාවත් ඉන්දියාවට අමුණන්නයි බලාගෙන හිටියේ. (නි)

:       0       0

උපාලි Wednesday, 07 August 2013 10:50 AM

සිද්ධිය වුනේ කොහොමද කියලා පරීක්ෂණයක් පටන් ගන්නත් පෙර ඉන්දීය මාධ්‍ය කියනවා "පාකිස්තාන සෙබළුන් දේශසීමා හරහා ඉන්දීය පාලන ප‍්‍රදේශයට පැමිණ වෙඩි තැබූ බව". මේකෙන් පෙනෙන්නෙ කුමක්ද? (නි)

:       0       0

නසෆි Wednesday, 07 August 2013 03:14 PM

අනවශ්‍ය වැඩ. කොච්චර ප්‍රශ්න තියෙනවද මිනිස්සුන්ට? (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 07 August 2013 09:27 PM

ගැහුවොත් ගහනවා දෙගොල්ලොම නයයි මුගටි සටන ගෙනියනවා (අ)

:       0       0

අමිල Wednesday, 07 August 2013 11:29 AM

ඉතා භයානක අවස්ථාවක්.නායකයන් එකතුවී දෙරට අතර සහෝදරත්වය ගොඩ නැගිය යුතු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site