IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තාන සෙබළුන්ට පහරදුන් ඇමෙරිකානුවන්ට දඬුවම් නැහැ

ඩ්‍රෝන යානා එල්ල කළ ප‍්‍රහාරයකින්, පසුගිය නොවැම්බර් මාසයේ, පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ ඇමෙරිකා හමුදා සෙබළුන්ට දඬුවම් ලබා නොදෙන බව පෙන්ටගනය පවසයි. ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, පාකිස්තාන සෙබළුන් මියයෑමේ එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ද පවත්වා ඇත. එම අවාසනාවන්ත සිද්ධියට ඇමෙරිකන් හමුදාව පමණක් නොව, පාකිස්තාන හමුදාව ද වගකිවයුතු බව පෙන්ටගනය වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකන් සෙබළුන්, පාකිස්තාන සෙබළුන්ට පහර දී ඇත්තේ ඔවුන් තලේබාන් සටන්කාමීන් යැයි වරදවා වටහා ගෙන යැයි ද සිදු කළ පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි පෙන්ටගනය පවසයි. කෙසේ නමුත් ඇෆ්ගනිස්තානයේදී ඇෆ්ගන් දරුවන් සහ කාන්තාවන් ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් 16 දෙනකු ඝාතනය කළ ඇමෙරිකා  සැරයන් රොබට් බේල්ස්ට එරෙහිව නඩු පැවැරෙන බව පෙන්ටගනය වැඩි දුරටත් කියා සිටියි.



අදහස් (0)

පාකිස්තාන සෙබළුන්ට පහරදුන් ඇමෙරිකානුවන්ට දඬුවම් නැහැ

malidu wijesingha Monday, 26 March 2012 09:02 PM

අපි අපේ රණවිරුවන් රැක ගතයුතුයි.

:       0       0

බුද්ධි Tuesday, 27 March 2012 08:30 PM

අඩුම ගණනේ වහිනකොට ඇමරිකාවට හෙනවත් ගහන්නැති හැටි.

:       0       0

රාවණ Monday, 26 March 2012 03:33 PM

පවු, ඇමෙරිකාව තොත්ත බබාලා. හමුදාවට හමුදාවට බදවාගැනීම හෙලා දකිමු. ළමා සොල්දාදුවෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site