පාකිස්තාන මහමැතිවරණය පැවැති පෙරේදා(11) දිනයේදී කරච්චි නුවර ඇතුළු ප‍්‍රධාන නගර රැසකින් ප‍්‍රචණ්ඩකි‍්‍රයා වාර්තා වූ අතර ඡන්දදායකයන් හා මැතිවරණ කාර්යාල ප‍්‍රහාරකයන්ගේ ඉලක්ක විය.
පාකිස්තාන මැතිවරණ කොමිසම ඡන්ද විමසීම පැයකින් දීර්ඝ කිරීමට තීරණය කිරීමෙන් පසුව කරච්චි නුවර බෝම්බ දෙකක් පුපුරා ගියේය. අවාමි ජාතික පක්ෂ කාර්යාලයක් ඉලක්ක කරගෙන එල්ල වූ මේ ප‍්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 37 දෙනෙක් තුවාල ලැබූහ.
පෙෂාවොර් නගරයේ ඡන්දදායකයන් පිරිසක් ඉලක්ක කරගෙන යතුරුපැදියක අටවා තිබූ බෝම්බයක් පුපුරා ගියේය. සිද්ධියෙන් අට දෙනෙක් තුවාල ලැබූහ.
මේ අතර, බලූකිස්තානය ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර, වෙඩිතැබීම්, යතුරුපැදි බෝම්බ පිපිරවීම් වැනි ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිදු වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මහමැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දින සිට අද දක්වා පාකිස්තානයේ සිදු වූ ප‍්‍රචණ්ඩකි‍්‍රයාවලින් මියගිය ගණන 130 දක්වා ඉහළ ගොස් ඇත. තලේබාන් සටන්කාමීන් මැතිවරණ කටයුතු ආරම්භවීමට පෙර සිටම කියා සිටියේ මැතිවරණ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට තමන් ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත් මෙම ප‍්‍රචණ්ඩකි‍්‍රයා මධ්‍යයේ ඡුන්දය ප‍්‍රකාශ කිරීම සියයට 60කටත් වඩා ඉහළ මට්ටමක පැවැති බව එරට මැතිවරණ කොමිසම පෙන්වාදෙයි.
|
කරච්චි නුවර බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ ස්ථානය |
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තාන මහමැතිවරණයට ජන ගඟක්: තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි