පාකිස්තානයේ ඉකුත් 30 වැනිදා පැවැති ජනාධිපතිවරණය දූෂිත බවත් අක‍්‍රමිකතා රැසක් සිදුවුණු බවටත් එල්ල වූ චෝදනා හේතුවෙන් එරට මැතිවරණ කොමසාරිස් ඊයේ (1) සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.
මැතිවරණ කොසමාරිස් ෆක්රුදීන් ජී ඒබ‍්‍රමීස් සිය තනතුරෙන් ඉල්ලා අස්වෙමින් ජනපති ධුරයේ සිටින අසීෆ් අලී සර්දාරිට ලිපියක් ද යවා ඇත. එම ලිපියෙහි දැක්වෙන්නේ තමන් තමන්ට හැකි පමණින් සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ බවය. හිටපු විනිසුරුවරයෙකු ද වන ඒබ‍්‍රමීස්, පාකිස්තාන මැතිවරණ කොමසාරිස් ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් වසරේ ජූලි මාසයේදීය.
ඉකුත් 30 වැනිදා පැවැති පාකිස්තාන ජනපතිවරණයට අපේක්ෂකයන් 24 දෙනා අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ පාලක පක්ෂය වන ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂක මම්නූන් හුසේන්ය.
පාකිස්තාන නීතිවේදීහු පෙන්වා දෙන්නේ ජනපති ධුරය අහිමි වූ නිසා සර්දාරිට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට දැන් කිසිදු බාධාවක් නොමැති බවය.
2025 දෙසැම්බර් මස 18
87
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන මැතිවරණ කොමසාරිස් ඉල්ලා අස්වෙයි
ටෙෂාන් Saturday, 03 August 2013 09:01 AM
මෙන්න නියම මහත්වරු. අපේ අයනම් චෝදනා ඔප්පු වුණත් දාලා යනවද? (නි)