IMG-LOGO

පාකිස්තාන මැතිවරණ අපේක්ෂකයෝ දෙදෙනෙක් වෙඩි පහරකින් මරුට

පාකිස්තාන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටි ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් ඊයේ (15) ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ.
එම අපේක්ෂකයන් දෙදෙනා සහ තවත් පුද්ගලයන් තිදෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිද්දී, ආයුධ සන්නද්ධ පිරිස  රථය වටකොට ඊට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාව යාබද දෙරා ඉස්මයිල් ඛාන් දිස්ති‍්‍රක්කයේදීය. මෝටර් රථයේ සිටි සෙසු තිදෙනා ප‍්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාර ගෙන නැති නමුත් එය තරීක් ඊ තලේබාන් සටන්කාමීන් විසින් සිදුකළ ප‍්‍රහාරයක් යැයි ආරක්ෂක අංශ සැක කරයි. 
ඉකුත් බ‍්‍රහස්පතින්දා (11) මැතිවරණ රැලියකට සහභාගී වෙමින් සිටි ‘මුටාඩියා කුවාමී’ පක්ෂයේ අපේක්ෂකයකු වෙඩි තබා ඝාතනය කළෝ ද තරීක් ඊ තලේබාන් සටන්කාමීහුය.
පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 11 වැනිදාය. මහ මැතිවරණ කටයුතුවලට බාධා කරමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවන බවට තලේබාන් සටන්කාමීන් අනතුරු අඟවා ඇත.
මැතිවරණයට සහභාගී වීමට සූදානමින් සිටින හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මෙන්ම, තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් ද ඝාතනය කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා ඇතැයි තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
පාකිස්තානයේ 2007 වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි හිටපු අගමැතිනී බෙනසීර් බූතෝ ඝාතනය වූයේ ද තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතිනි.



අදහස් (0)

පාකිස්තාන මැතිවරණ අපේක්ෂකයෝ දෙදෙනෙක් වෙඩි පහරකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 809 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site