IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලබා රෝහල්ගත කළ ගණන 120 ක් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බය පිපිරී යෑමෙන් මුස්ලිම් පල්ලියට පමණක් නොව, පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට ද දරුණු ලෙස හානි සිදුවුණු බව ද පැවැසෙයි.

ගොඩනැගිල්ලේ  සුන්බුන් අතර සිරවුණු තුවාලකරුවන් බේරා ගැනීම ලහිලහියේ සිදුවිය.

එය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් අයි.එස්. ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යැයි අනුමාන කෙරේ.
පාකිස්තානයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ආගමික ගැටුම් බහුලය.  පසුගිය වසරේ මාර්තු මාසයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

එම බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරය එල්ල කළේ අයි.එස්. ත්‍රස්තවාදීන්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23205 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18118 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10851 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 554 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site