IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තාන නව අගමැති යළිත් අධිකරණය හමුවට

පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමට අපොහොසත් වීමත් සමඟ එරට නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ට ඊයේ (26) යළිත් වරක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය. ජනපති සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නව අගමැතිවරයාට නියෝග කළේ ඉකුත් ජූනි 19 වැනිදාය. ඒ සඳහා සති දෙකක කාලයක් ද ඔහුට ලබා දී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ පෙනී සිටි අවස්ථාවේදී ජනපති සර්දාරිට එරෙහිව කටයුතු කිරීමට තවත් සති දෙකක කාලයක් අගමැති අෂ්රාෆ්ට ලැබිණි. අෂ්රාෆ්ට එම අධිකරණ තීන්දුව කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වුණහොත් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ ඊට වරදකරු වී ඔහුට පෙර අගමැතිධුරයේ සිටි යූසොෆ් රාසා ගිලානීට මෙන් අගමැති ධුරයට සමු දීමට මොහුට ද සිදුවෙයි. නව අගමැති ලෙස දිවුරුම් දී පර්වේස් අෂ්රාෆ් වැඩ බාර ගත් දිනයේ සිටම ප‍්‍රමුඛ කාර්යය වූයේ ජනපති සර්දාරිට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීම යැයි විනිසුරු අසීෆ් කෝෂා පැවැසීය. ලබන මස 18 වැනිදා යළිත් වරක් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අගමැතිවරයාට නියෝග කෙරුණි.අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට  පැමිණෙද්දී විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අයුරු...අගමැති අෂ්රාෆ් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙමින්....



අදහස් (0)

පාකිස්තාන නව අගමැති යළිත් අධිකරණය හමුවට

වරුණ Tuesday, 28 August 2012 11:05 AM

මෙහෙම උසාවි ලංකාවෙත් තිබ්බනම් ආස්චර්යය හීනය සැබෑ කරන එක ලේසියෙන්ම කරන්න තිබුණා...(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 28 August 2012 04:28 PM

ගල් එහෙම ගහන්න ඕනෑ නම් අපිට පුලවන් දෙන්න මිනිස්සුන්ව. (නි)

:       0       0

සිල්වා Tuesday, 28 August 2012 12:51 PM

ලැජ්ජයි හොදේ

:       0       0

සිල්වා Tuesday, 28 August 2012 12:54 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

සොයිසා Tuesday, 28 August 2012 08:08 PM

ගැඹුරු සත්‍යය.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site