
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුව, මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු, භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ධුරයේ රැඳී සිටිනු ඇතැයි පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව් පවසයි.
පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව් මේ බව නිවේදනය කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. ‘ඉම්රාන් ඛාන් මහතා තව දුරටත් පාකිස්තානයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත. ඒ, පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුවයි’ යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වී ඇත.
පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කර ඇත්තේ මෙය එරට දේශපාලන අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවක් වනු ඇති බවය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට විරෝධයක් එල්ල වූයේ පාකිස්තාන විපක්ෂ සන්ධානයෙනි. ඒ, වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බය විපක්ෂය චෝදනා නගමිනි. පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන්නේ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සහ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.
විපක්ෂ සන්ධානය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍යවරයාගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පාලක පක්ෂයේ ඇතුම් මන්ත්‍රීවරුන්ගේ සහාය පවා ඊට හිමිවිය. විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම පැවැත්වීමට සූදානම් වෙද්දී, නියෝජ්‍ය කථානායක විශ්වාසභංගය අවලංගු කළේය. ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි.
එම අවස්ථාවේදී, පාර්ලිමේන්තුව විසුරුවා කඩිනමින් මැතිවරණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවිය. දින 90 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ද පාකිස්තාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දීමට සූදානමින් සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ද නොමැතිවය. ඡන්ද විමසුම පැවැත්වූයේ නම්, ඔහු එයින් පරාජය වීමට ද ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන දේශපාලනය අවුල් ජාලයක්