IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාකිස්තාන දැරිය මලාලා රෝහලෙන් පිටවී යයි

තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි පහරකින් බරපතළ තුවාල ලබා බි‍්‍රතාන්‍යයේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායි පෙරේදා (5) සුවය ලබා රෝහලෙන් පිටවී ගියාය.
මලාලා මීට මාස 3 කට පෙර තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවේ පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදටය.
ඇය බී.බී.සී. උර්දු සේවයට එක්වී තලේබාන්වරුන්ගේ සැහැසිකම් අන්තර් ජාලයේ බ්ලොගයක් හරහා ලොවට හෙළිකිරීම නිසා ජාත්‍යන්තරයේ අවධානයටත් තලේබාන් වරුන්ගේ උදහසටත් ලක් වූවාය.
වෙඩි ප‍්‍රහාරයට ලක් වී මරණාසන්නව සිටිද්දී ඇය බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමටත් ප‍්‍රතිකාර දීමටත් බි‍්‍රතාන්‍ය රජය කටයුතු කළේය. ඒ අනුව ඇය පසුගිය මාස තුන පුරාවට ප‍්‍රතිකාර ලැබුවේ බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි ක්වීන් එළිසබත් රෝහලේය.
මලාලාගේ පියා ද සමාජ කි‍්‍රයාකාරියකු වන අතර ඔහුට ද තලේබාන්වරුන්ගෙන් මරණීය තර්ජන එල්ල වෙමින් පවතී. එම නිසා මලාලා පමණක් නොව ඇයගේ පියාත්, මවත් සොහොයුරන් දෙදෙනාත් බි‍්‍රතාන්‍යයට ගෙන්වා විශේෂ රැකවරණ දීමට බි‍්‍රතාන්‍ය රජය ඉදිරිපත්ව සිටී.
මලාලා රෝහල්ගතව සිටියදී ඇය බැලීමට පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි ද පැමිණියේය. එම අවස්ථාවේ ඔහු මලාලාගේ පියා සියාඋද්දීන්ට පාකිස්තාන රජයේ විශේෂ තානාපති නිලධාරි ධුරයක් පිරිනැමූ බව ද වාර්තා විය.
මලාලා ඉක්මනින් සුවය ලැබූ බවත් ඇයට දැන් බි‍්‍රතාන්‍යයේ ඇයගේ නව නිවසට යා හැකි බවත් පවුලේ අය සමඟ සතුටින් සිටිය හැකි බවත් ඇයට ප‍්‍රතිකාර කළ එළිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසා ඇත.
වෙඩි උණ්ඩයෙන් තුවාල වී ඇති ඇගේ හිස් කබල සකස් කිරීමේ ප‍්‍රතිකර්ම ඉතා සෙමින් සිදුවන අතර මීළඟ මාස කිහිපයේදී අවස්ථා ගණනාවකදී ප‍්‍රතිකාර සඳහා ඇයට යළි රෝහලට පැමිණීමට සිදුවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් පවසා ඇත. මලාලාගේ සියලූම ප‍්‍රතිකාර සිදුවන්නේ බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙනි.

සුවය ලැබූ මලාලා දැරිය රෝහලෙන් පිටව ගිය අවස්ථාව



අදහස් (0)

පාකිස්තාන දැරිය මලාලා රෝහලෙන් පිටවී යයි

ෂෙරීෆ් Monday, 07 January 2013 06:03 PM

ඔබට දෙවි පිහිටයි (ස)

:       0       0

චින්තක Monday, 07 January 2013 06:13 PM

සුබ පතනවා (ස)

:       0       0

ආනන්ද Tuesday, 08 January 2013 05:09 PM

ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

ලාල් Tuesday, 08 January 2013 07:02 AM

ඔබට නිරෝගී සුව ලැබේවා

:       0       0

නාරද Tuesday, 08 January 2013 06:59 AM

මෙවන් විපත් නොවේවා (දී)

:       0       0

දුමින්ද Monday, 07 January 2013 03:24 PM

ඔබ දිරිය දියණියක්. සුබ ආරංචියක් (ස)

:       0       0

ඉසුරු Monday, 07 January 2013 12:16 PM

ඔබ ඇත්තෙන්ම ආදර්ශමත් චරිතයක් (ස)

:       0       0

ජයී තිසර Monday, 07 January 2013 04:14 PM

දුබල උවත් ඇය ඔසවයි අන් දුබලුන් තලේබාන් පැරදුනි ඇගෙ බල බිඳුමෙන් නිර්භීතවත් දියණිය මගෙ සුබ පැතුමෙන් දින දින සුවය වැඩිවේවා දෙවිඳු බලෙන් (ස)

:       0       0

නව්ශාඩ් Monday, 07 January 2013 01:18 PM

ඔබට සුබ අනාගතයක් (ස)

:       0       0

චන්දා Monday, 07 January 2013 10:13 PM

අපි හැමෝම ඔයාට ආදරෙයි (ස)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:34 PM

ඔබට සුව අත් වේවා

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 07 January 2013 11:14 PM

ගොඩක් සතුටුයි. සුබ පතනවා. ඉදිරියට ආරක්ෂාවී කටයූතූ කරන්න... (ස)

:       0       0

පද්මි Tuesday, 08 January 2013 11:32 AM

ඔබගේ ළුීරකම නිසා දැන් මුලු ලෝකයටම නිදහසේ හුස්ම ගන්න පුලුවන්. (නි)

:       0       0

ජමීන් Monday, 07 January 2013 10:21 AM

මම ඔබගේ නිර්භීතකමට ගෞරව කරමි. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 08 January 2013 11:38 PM

ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ආමන්ත Monday, 07 January 2013 02:07 PM

අරාබි ලෝකයේ පුංචි වීර වරිය (ස)

:       0       0

මාර්ක් Wednesday, 09 January 2013 01:40 AM

ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site