IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තාන දැරිය එංගලන්තෙට

කාන්තා අධ්‍යාපන අයිතීය වෙනුවෙන් හඩ නැගීම නිසා තලේබාන් සංවිධාන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව බරපතළ තුවාළ ලැබූ 14 හැවිරිදි මලාලා යුසාෆ්සා වැඩිදුර ප්‍රතිකාර සදහා එංගලන්තය බලා පිටත් කළ බව පාකිස්තාන ආරංචි මාර්ග සදහන් කරයි. මලාලා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටි බස් රථයට ගොඩ වැදුණු තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්වූයේ ඉකුත් 9 වැනිදාය. හිසට සිදුවූ බරපතල තුවාල නිසා අවිනිශ්චිත තත්ත්වයක සිටි ඇයගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කිරීමෙන් ඇයගේ තත්ත්වය යහපත් අතට හැරවීමට පාකිස්තාන වෛද්‍යවරුන්ට හැකි විය. එසේ වුවත් පූර්ණ ලෙස කායික හා මානසික සුවය ලැබීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ඇය මෙසේ  එංගලන්තය බලා පිටත් කිරීමට පාකිස්තාන බලධාරීන් පියවර ගෙන තිබේ. මලාලාට පූර්ණ ලෙස සුවය ලබා ගැනීමට විධිමත් ප්‍රතිකාර මාලාවකින් පසුව හැකි වෙතියි   එංගලන්තයේ වෛද්‍යවරු කියති. (කෝවිගු)



අදහස් (0)

පාකිස්තාන දැරිය එංගලන්තෙට

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 05:21 PM

සින්තියා.. ඔබගේ ඇත්ත දැකීම අපිත් අගයනවා.. මේ වෙලාවට කවුරුවත් නැහැ.. පව් අසරණ ළමයා..!(නු)

:       0       0

ෆයිරාන්ස් Tuesday, 16 October 2012 04:20 PM

සුබ පැතුම් !!!!!!!! (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 12:27 AM

ඇත්තටම දැරියට යහපත් නිරෝගී සුවය ලැබේවායි පතමු. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 17 October 2012 01:04 AM

ඔබට ඉක්මන් නිරෝගි සූවය ලැබේවා! (නි)

:       0       0

සින්තියා - කොළබ කැම්පස් Tuesday, 16 October 2012 01:38 PM

කමෝන් ඉස්ලාම් කමෝන්! කෝ මේ අර මොහොමඩ්ගෙ ෆිල්ම් එකට බෝඩ් අල්ලන් බොරු පාට් දාපු ඉමාම්ලා ටිකයි ගෝලයො රොත්තයි? මේ ඉස්ලාම් තුළ කාන්තා නිදහසේ සැබෑ තත්ත්වයයි! සහෝදරයා ඔබේ බෝඩ් මේ වාගේ දේවල් වලට අල්ලන්න. ඇෆ්ගන් එම්බසියක් හොයන් යන්න! එහෙම නොකිරීමෙන්ම පේනවානේ එයාලා මේවාත් අනුමත කරනවා කියලා? (නි)

:       0       0

ජයී තිසර Tuesday, 16 October 2012 07:27 PM

අධ්‍යාපනය දෙනු මැන අපි ගෑණු ලමුන් මේ දරු මලාලා ඔසවයි සැම දුබලුන් වෙඩි උණ්ඩයත් පරදියි ඇගෙ බල බිඳුමෙන් සුවපත් වේව ඔබ අදහන දෙවිඳු බලෙන් (නි)

:       0       0

දන්තනාරායන Wednesday, 17 October 2012 09:01 AM

සින්තියාගේ කියමන හරි..!(නු)

:       0       0

දර්ශන Wednesday, 17 October 2012 08:53 AM

තලේබාන්ලට ගොඩක් මුස්ලිම්වරුන් විරුද්ධයි.. එයාගේ අයියා වන කෙනෙක් ඉගෙන ගන්නේ අප සමග විදෙස් විශ්ව විද්‍යාලයකයි.. සබා මුස්ලිම්වරුන් කාන්තා අධ්‍යාපනයට කැමතියි... සින්තියාගේ කියමන හරි..!(නු)

:       0       0

දුමින්ද Wednesday, 17 October 2012 09:01 AM

පව් අහිංසක දැරිය..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site