
ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි.
පාකිස්තාන බලධාරීන්, පසුගිය ජූනි මාසයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයක් ඇති කර ගත්තේය. ඒ අනුව, පාකිස්තානයට ඩොලර් බිලියන 3ක අරමුදල් අනුමත විය.
එකඟත්වය අනුව, පාකිස්තාන ජාතික ගුවන් සේවය ද ඇතුළු පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු ආරම්භ කෙරුණි.
පාකිස්තාන මැතිවරණය පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිතය. භාරකාර රජයක් බලයේ සිටින්නේ එබැවිනි.
භාරකාර රජයේ, පුද්ගලිකකරණය සම්බන්ධ ඇමැති ෆවාඩ් හසන් ෆවාඩ් පවසා ඇත්තේ, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලින් සියයට 98 ක් පමණ සම්පූර්ණ කර ඇති බවය.
ජාතික ගුවන්සේවය විකිණීමට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම ද ඉදිරි දින කිහිපයේ දී සිදුවනු ඇත.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන ජාතික ගුවන් සේවය විකුණන්නයි යන්නේ
Lalla Friday, 02 February 2024 08:31 PM
එහේ ප්‍රවාහන ඇමතිත් සිරාද? ශ්‍රී ලංකන් එකට තව අපලයි...
Bamunuarachchi Saturday, 03 February 2024 10:23 AM
අන්තිම සවුත්තු ගුවන් සේවය.