IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තාන ආගමික අන්තවාදීහු බස් මගීන් 18ක් ඝාතනය කරති

උතුරු පාකිස්තානයේ ගමන් කරමින් තිබූ බස් රථ කිහිපයක් නැවතූ යුද සෙබළුන් ලෙස වෙස්වලාගත් අන්තවාදී ආගමික අදහස් දරන පිරිසක් පෙරේදා(28) එම බස් රථවල සිටි ෂියා මුස්ලිම් ජාතිකයන් 18 දෙනකු අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ. තලෙයිබාන්වරුන්ගේ කඳවුරු පිහිටා තිබූ ස්වාට් නිම්නයට ආසන්නයේ පිහිටි කොහිස්තාන් දිස්ති‍්‍රක්කයේදී මෙම ඝාතනය සිදු කර ඇති බවත් එම සිදුවීමට වගකිවයුත්තෝ කවුරුද යන්න නොදන්නා බවත් ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවසීය. පොලීසිය පැවසුවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථ නැවතූ අන්තවාදීන් එහි ගමන් ගත් පිරිස් එයින් බස්වා ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් වෙන වෙනම හඳුනා ගෙන අනතුරුව ෂියා මුස්ලිම්වරුන් ඝාතනය කළ බවයි. මෙම ප‍්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව පුද්ගලයන් අට දෙනෙක් තුවාල ලබා ඇත. රාවල්පිණ්ඩි නගරයේ සිට ගිල්ගිට් නගරය දක්වා ගමන් කරමින් තිබූ බස් රථ තුනක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත. මෙම සිදුවීමත් සමඟ පාකිස්තානය තුළ වෙසෙන බහුතරයක් වන සුන්නි ජාතිකයින් සහ සුළුතරයක් වන ෂියා ජාතිකයන් අතර නිතර ඇතිවන අන්තවාදී ගැටුම් උත්සන්න වීම සම්බන්ධයෙන් එරට රජයට මානව හිමිකම් කි‍්‍රයාකාරීහු චෝදනා කරති.



අදහස් (0)

පාකිස්තාන ආගමික අන්තවාදීහු බස් මගීන් 18ක් ඝාතනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site