IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තාන අගමැති නිවස්නයේ හෙලිකොප්ටර් අංගනයට විරෝධය

ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන පාකිස්තානයේ නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ගේ නිවසේ හෙලිකොප්ටර් ගොඩබෑමට රජයේ වියදමින් අංගනයක් ඉදිකිරීමට පාකිස්තාන රජය ගත් තීරණයට එරට ජනතාවගේ විරෝධය එල්ල වෙමින් පවතී. අගමැති අෂ්රාෆ්ගේ නිවස පිහිටා ඇත්තේ ඉස්ලාමාබාද් අගනුවර සිට සැතපුම් 14 ක් දුරින් ගුජාර් කාන් ප‍්‍රදේශයේය. අගමැති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉස්ලාමාබාද් නුවර අගමැති නිල නිවසට ගියත් හැකි සෑම අවස්ථාවකම ගුජාර් කාන් ප‍්‍රදේශයේ නිවසට ද යෑමට සූදානමින් සිටී. ගුජාර් කාන් නිවසේ සිට අගමැතිවරයා අගනුවරට යාමට සහ ඒමට මාර්ග භාවිත කළොත් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැුසක් යෙදවීමට සිදුවන අතර ඒ සඳහා ලොකු වියදමක් දැරීමට ද සිදුවෙන බව පාකිස්තාන රජය පවසයි. පාකිස්තාන පාලක පක්ෂය විසින් තොරතුරු තාක්ෂණ ඇමැති ධුරය හොබවමින් සිටි අෂ්රාෆ් අගමැති ධුරයට පත් කර ගත්තේ පසුගිය සතියේය. ඔහු ඉකුත් 23 වැනිදා නව අගමැති ලෙස රාජකාරි ආරම්භ කළේය. නිරන්තරයෙන් ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ද තර්ජන එල්ල වන බැවින් අගමැතිවරයාට පහසුවෙන් ගමන් බිමන් යෑමට හැකියාව ලැබෙන්නේ හෙලිකොප්ටරයෙන් බවත් ඒ සඳහා ඔහුගේ නිල නිවසේ හෙලිකොප්ටර් අංගනයක් නිර්මාණය කළ යුතු බවත් පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

පාකිස්තාන අගමැති නිවස්නයේ හෙලිකොප්ටර් අංගනයට විරෝධය

දනුෂ Thursday, 28 June 2012 02:33 PM

පකිස්තානේ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නේ නෑ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site