අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානිට එරෙහි නඩු තීන්දුව අද (26) ප‍්‍රකාශයට පත් කෙරෙන අතර එම චෝදනාවලට අගමැතිවරයා වරදකරු වුවහොත් ඔහුට මාස හයක සිරදඬුවම් හිමිවනු ඇති අතර අගමැති ධුරය ද අහිමි වනු ඇත.
පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනාවලට නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම මගින් අගමැතිවරයා ගිලානිගේ අක‍්‍රියවත්භාවය පෙන්නුම් කළ බවත් ඒ හරහා අධිකරණයට අපහාසයක් සිදුවූ බවත් අගමැතිවරයාට චෝදනා එල්ල විය.
ඒ අනුව අගමැතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවුණේ පසුගිය පෙබරවාරි මාසයේදීය.
අගමැතිවරයාට එරෙහි නඩු නීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ඔහු වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතීඥ අටිසාස් අෂාන් පැවැසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේදී අගමැති ගිලානි ද අධිකරණයට පැමිණ සිටිනු ඇත යන්නය.
වරදකරු වුණොත් චෝදනා ලැබ ධුරයෙන් ඉවත් වන සහ සිරදඬුවම් විඳීමට සිදුවන පළමු වැනි පාකිස්තාන අගමැතිවරයා වනු ඇත්තේ ගිලානිය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පාකිස්තාන අගමැති ගිලානිට එරෙහි නඩුවේ තීන්දුව අද