IMG-LOGO

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් චීන ජනාධිපති හමුවෙයි

කලාපීය තත්ත්වය සහ ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා හමුවිය.

චීනයේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා හමු වී දෙරටට ප්‍රතිලාභ අත් කරදෙන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ‘රේඩියෝ පාකිස්තාන’ පුවත් සේවය වාර්තා කර තිබිණි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව චීන ජනාධිපතිවරයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පවත්වා ඇති අතර චීන ජනාධිපතිවරයා ගෞරව කිරීමක් වශයෙන් අගමැති ඉම්රාන් ඛාන්ට දිවා භෝජනා සංග්‍රහයක් ද පවත්වා ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමඟ එරට විදේශ කටයුතු අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකු සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම චීන සංචාරයට එක්වූහ. හමුදාවේ ප්‍රධානීන් කිහිපදෙනකු ද ඊට එක්ව සිටි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් දිගින් දිගටම ස්ථාවර මතයක සිටීම සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් ඛාන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ චීන ආණ්ඩුවට කෘතඥතාව පළ කළ බව පාකිස්තාන අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදීද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර පාකිස්තානයට වැඩි පක්ෂපාතීත්වයක් දක්වමින් හෙතෙම අදහස් දැක්වීය.

චීනය සෑම දුෂ්කර අවස්ථාවකදීම පාකිස්තානයට සහාය දැක්වූ බව ද අගමැති ඉම්රාන් ඛාන් මෙහිදි පවසා ඇත.

ඩෝන් ඇසුරිනි’ 

055

 



අදහස් (0)

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් චීන ජනාධිපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1244 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 478 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 581 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site