IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාකිස්තාන අගමැති ඉම්රාන්ට චෝදනා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රාජ්‍ය ආයතන අවභාවිත කරන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වී ඇත.

 

එරට විපක්ෂය නායක ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ ක්‍රියාකාරීත්වයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා මෙලෙස රාජ්‍ය ආයතන භාවිත කරන බව විපක්ෂය චෝදනා කරයි.

 

පාකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් (පී.එම්.එල්.- එන්) පක්ෂයේ ප්‍රකාශිකා මරියම් ඔව්රන්ග්සෙබ් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයාට මෙම චෝදනා කළාය.

“අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉච්ඡාභංගත්වයට පත්වෙලා. ඔහු බලාපොරොත්තු විරහිත වෙලා. ඒ නිසා ඔහු අසාධාරණ ලෙස විපක්ෂය මර්දනය කරන්න රාජ්‍ය ආයතන භාවිත කරනවා. ඔහු ලැජ්ජා විරහිත ලෙස විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ්ට එරෙහිව රාජ්‍ය ආයතන අවභාවිත කරනවා” යැයි ඇය සඳහන් කළාය.

“ඉම්රාන් ඛාන් සීනි ආනයනයට ඉඩ දීමෙන් බිලියන ගණනාවක වංචාවකට ඉඩ දී තිබෙනවා. රුපියල් බිලියන 450කට අධික සොරකමක් සිදු වී තිබෙනවා. සීනිවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්. ඉම්රාන් ඛාන්ගේ තීන්දුව නිසා සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 52 සිට රුපියල් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ සියලු සිදුවීම් මධ්‍යයේ ෂෙබාස් ෂරීෆ් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරලා. ඉම්රාන් ඛාන් තමන්ව ආරක්ෂා කරගැනීමේ වෑයමක නිරත වී සිටිනවා. ඒ අතරවාරයේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සඳහා ඔහුගේ බලය අයුතු ලෙස භාවිත කරනවා” මරියම් සඳහන් කළාය.

(රොයිටර්)



අදහස් (0)

පාකිස්තාන අගමැති ඉම්රාන්ට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site