IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් එ.ජා. මහ ලේකම් හඬ නගයි

පාකිස්තානයේ සංචාරයක යෙදෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (14* එරට අධ්‍යාපන අමත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන් මෙන්ම පාසල් සිසුවියන් ද හමු වී බාලිකාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය ගැන සාකච්ඡුා පැවැත්වීය.
බාලිකා අධ්‍යාපනය තලේබාන්වරුන්ගේ ෂරියා නීතියට පටැහැනිය. බාලිකාවන් ඉලක්ක කර ගනිමින් තලේබාන්වරුන් ප‍්‍රහාර එල්ල කරයි. එපමණක් නොව, බාලිකා පාසල් ද පහර දී විනාශ කර දමයි.
16 හැවිරිදි මලාලා යූසොෆ්සායි දැරිය තලේබාන් සටන්කාමියකුගේ ඉලක්කය වූයේ ද බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම නිසාය.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ ලෙස නම් කළේය. මලාලාගේ උපන්දිනය යෙදී ඇත්තේ ද එදිනටය. එදින මලාලා,  එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි අතර ලෝකයේ රටවල් රැුසකින් එහි රැුස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතා විශේෂ දේශනයක් ද පැවැත් වූවාය.


බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා එම අවස්ථාවේදී කියා සිටියාය. තම දිවි පරදුවට තබා පාකිස්තානයේ බාලිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මලාලාට ගරු කිරීමක් ලෙස සෑම ජූලි 12 වැනිදාම ‘මලාලා දිනය’ ලෙස නම් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය එම අවස්ථාවේදී පැවැසීය.


මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීය.
හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය. දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.



අදහස් (0)

පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් එ.ජා. මහ ලේකම් හඬ නගයි

ධම්ම Thursday, 15 August 2013 11:03 AM

මෙයාලා තමයි ඇමෙරිකන් යුද්ධ ටැංකිවලට රටවල් ඇතුලට එන්න පාරවල් කපන්නේ. මේ එහි පළමු පියවරයි. (ස)

:       0       0

මහින්ද Thursday, 15 August 2013 06:33 PM

දම්මික මල්ලී ,ඇමරිකාවට බනින්න එපා. ඇමරිකාව නැත්නම් මේ වෙනකොට ලෝකේ අන්තවාදීන් විනාශ කරලා. ලෝකයේ සෞඛ්‍යයට ,අධ්‍යාපනයට ඇමෙරිකාව විශාල සේවයක් කරලා තිබෙනවා. අද අන්තර්ජාලය නිසා අපි ගොඩක් ඉගෙන ගන්නවා. ඇමරිකාවේ ගුරුමුෂ්ටිය නැහැ, දේශපාලන පවුල් නැහැ. අපේ රටට ගොඩක් ආධාර කරනවා (නි)

:       0       0

තෙෂාන් Thursday, 15 August 2013 10:18 AM

අනේ මේ ඔයා ඔයාගේ වැඩක් බලාගෙන යන්න ආපු රාජකාරිය කරගෙන. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නැතුව. ඕගොල්ලෝ මේකට අත දැම්මොත් මේ තියෙන ඒවත් නැතිවෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site