IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පාකිස්තානයේ බෝම්බ පිපිරේ

පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පාකිස්තාන මහ මැතිවරණය හෙට (8) පැවැත්වෙයි. අද (7) දිනය පුරා ප්‍රාන්ත රැසකින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය.
පළමු බෝම්බය පුපුරා ගියේ බලුකිස්තානයේ ෂිහින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේකෂකයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉදිරියේය. එම බෝම්බයට හසුවීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

දෙවැනි බෝම්බය පුපුරා ගියේ කිල්ලා සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ ය. එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 8 ක් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බ පුපුරුවන්න ඇත්තේ බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් යැයි පොලිසිය සැක කරයි.

සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ බෝම්බයට හසුවීමෙන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත්, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානයේ බෝම්බ පිපිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 273 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site