IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තානයේ බන්ධනාගාරයකට තලේබාන් සටන්කාමීහු පහර දෙති

වයඹ දිග පාකිස්තානයේ බන්ධනාගාරයකට පෙරේදා (30) රාති‍්‍රයේ තලේබාන් සටන්කාමීහු ඉතා සැලැසුම් සහගතව ප‍්‍රහාරයක් එල්ල කළහ.
සටන්කාමීන්ගේ අරමුණ වූයේ බන්ධනාගාරයේ සිරගත කරනු ලැබ සිටි ඔවුන්ගේ සගයන් 25 දෙනකු බේරා ගැනීමය.

එම 25 දෙනා ඉතා දරුණු ඉස්ලාමීය සටන්කාමීන් බවත් ඔවුන් බේරා ගැනීමට සටන්කාමීන් සමත් වූ බවත් වාර්තා විය.

සටන්කාමීන් ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි සෙසු රැඳෙවියන් 250 දෙනකු ද පලා ගොස් ඇතැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසා ඇත.
දෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පිහිටි එම බන්ධනාගාරයට තලේබාන් සටන්කාමීන් පහර දුන්නේ පෙරේදා රාතී‍්‍ර 11 ට පමණය.

ප‍්‍රහාරයට සටන්කාමීන් 70 දෙනකු පැමිණි බවත් ඔවුන් පැමිණියේ යතුරු පැදිවලින් සහ කැබ් රථවලින් බවත් ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර ඇත. සටන්කාමීන් රොකට් ප‍්‍රහාරවලින් සහ අත්බෝම්බවලින් බන්ධනාගාරයට පහර දී ඇතැයි ද පැවැසෙයි.

ප‍්‍රහාරයෙන් නියාමකවරුන් පස් දෙනකු, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනකු, ෂියා මුස්ලිම් රැඳවියන් කිහිප දෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව පැවැසෙයි.

සටන්කාමීහු පහර දී බන්ධනාගාරය තුළට කඩා වැදුණු අවස්ථාවේදී ෂියා මුස්ලිම් සිරකරුවන් කවුරුන්දැයි සොයා ඔවුන්ට පහර දී ඇත.
එය සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක් වී ඇති බව ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. ප‍්‍රහාරයෙන් බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් 15 දෙනෙක් තුවාල ලැබූහ.

පලා ගිය රැුඳෙවියන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තාවේ.



අදහස් (0)

පාකිස්තානයේ බන්ධනාගාරයකට තලේබාන් සටන්කාමීහු පහර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site