IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තානයේ ප‍්‍රහාරයකින් සටන්කාමීහු 10ක් මරුට

වයඹදිග පාකිස්තානයේ අර්බුදකාරී වාතාවරණයක් පවතින ගෝත‍්‍රික ප‍්‍රදේශයකදී සටන්කාමීන්ගේ කඳවුරක් ඉලක්ක කරගෙන (08) එල්ල කළ ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් සටන්කාමීහු දසදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උතුරු වසිරිස්තානයේ පිහිටා ඇති සටන්කාමීන්ගේ කඳවුර වෙත ඩ්‍රෝන මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල වීමෙන් පසුව කඳවුරෙහි ගින්නක් හටගෙන ඇති බව ඇමෙරිකානු හමුදාව පවසයි. ප‍්‍රහාරයෙන් මියගිය සටන්කාමීන් අතර මධ්‍යම ආසියාවෙන් පාකිස්තානයට පැමිණි සටන්කාමීන් කිහිපදෙනෙක් ද සිටින බව වාර්තා වේ. ඇෆ්ගනිස්තානයේ සිටින නේටෝ හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කරන තලෙයිබාන් සටන්කාමීන්ට පාකිස්තානයේ පිහිටි ගෝත‍්‍රික ප‍්‍රදේශ රැකවරණය ලබා දෙන බව ඇමෙරිකාව පවසයි. මේ හේතුවෙන් විටින්විට ඇමෙරිකාව සටන්කාමීන් ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප‍්‍රහාර දියත් කරයි. ප‍්‍රංශ පුවත් සේවය පවසන ආකාරයට පසුගිය වසරේදී පාකිස්තානයේ ගෝත‍්‍රික ප‍්‍රදේශවල සිටින සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකාව ඩ්‍රෝ්න ප‍්‍රහාර 64ක් එල්ල කර ඇත.



අදහස් (0)

පාකිස්තානයේ ප‍්‍රහාරයකින් සටන්කාමීහු 10ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site