වයඹ දිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදු වූ පිපිරීමකින් කුඩා දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.
කයිබර් පක්තුන්ක්වා පළාතේ ටාන්ක් දිස්ත්‍රික්කයේ මෙෂූද් කෙරුනා ප්‍රදේශයේ නිවසක් අසල තිබියදී දරුවන් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි එම පුවත් වාර්තාවල දැක්විණි.
එය සෙල්ලම් බඩුවක යැයි සිතා එම දරුවන් පුපුරණ ද්‍රව්‍ය සමඟ සෙල්ලම් කරමින් සිටියදී පුපුරා ගොස් ඇතැයි ප්‍රදේශයේ පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ෂිංහුවා පුවත් සේවය වාර්තා කර තිබිණි.
මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයන් තිදෙනකු යැයි ද තවත් පුවත් සේවයක දැක්විණි.
මෙම පිපිරීම සිදුව ඇත්තේ ඉකුත් සිකුරාදා ය.
ප්‍රාදේශීය ආරංචි මාර්ග සහ පුවත් සේවාවලට අනුව මියගිය දරුවන් අවුරුදු පහත් 12ත් අතර වයස්වල පසුවෙයි.
කිසිදු සංවිධානයක් මේ වනතෙක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නැතැයි ද පුවත් වාර්තාවල දැක්විණි.
පාකිස්තාන පුවත් සේවා ඇසුරිනි
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ පිපිරීමක්