න්‍යෂ්ටික බලය සතු නමුත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පාකිස්තානය නැවත ගොඩනැගීමට එක්වන්නැයි තමා රටේ සියලූ පක්ෂවලින් ඉල්ලා සිටින බව හිටපු අගමැති නවාස් ෂරීෆ් පෙරේදා(11) පැවැසීය.
පාකිස්තාන මහමැතිවරණයේ නිල නොවන ප‍්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ් ලාහෝර් නුවර මුස්ලිම් ලීග පක්ෂ මූලස්ථානයේදී ජනතාව අමතමින් මෙසේ පැවැසීය.
හැටතුන් හැවිරිදි වියේ පසුවන දෙවතාවක් පාකිස්තාන අගමැතිවරයා ලෙස කටයුතු කළ නවාස් ෂරීෆ් මෙවර මැතිවරණයේදී ඉදිරියෙන් සිටින බව නිල නොවන මැතිවරණ ආරංචිමාර්ග පෙන්වාදෙයි.
‘‘පාකිස්තානය මුහුණපා සිටින බරපතළ ගැටලූවලට විසඳුම් සෙවීමට සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස මා රටේ සියලූ පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ත‍්‍රස්තවාදය මැඬලීම හා ආර්ථික අර්බුදයට වහාම විසඳුම් සෙවීම අවශ්‍යයි.’’ යනුවෙන් හිටපු අගමැතිවරයා ජනතාව අමතමින් කියා සිටියේය.
එම නිල නොවන වාර්තා සඳහන් කළේ ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ජාතික රාජ්‍ය සභාවේ සමස්ත ආසන 272න් 115ක් ලබා ඉදිරියෙන් සිටින බවයි. දෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි. ඒ ජාතික රාජ්‍ය සභාවේ ආසන 30ක් හිමිකර ගනිමිනි.
මෙවර මැතිවරණයේදී ජාතික රාජ්‍ය සභාවට අමතරව කයිබර් පටුන්ක්වා, පන්ජාබ්, සින්ද් හා බලූකිස්තාන් යන පළාත් සභා සඳහා ද නියෝජිතයන් තෝරා ගැනේ.
|
නවාස් ෂරීෆ් ජනතාව අමතමින්... |
|
මුස්ලිම් ලීග පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වූ ජනතාව |
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තානය නැවත ගොඩනඟන්න එක්වන්න: හිටපු අගමැති ෂරීෆ් සියලූ පක්ෂවලින් ඉල්ලයි
ලලිත් Monday, 13 May 2013 04:06 PM
ත්‍රස්තවාදය දුරලන්න සියලු ආසියාවේ රටවල් එකතු විය යුතු බවත් අවට උඩගෙඩි දෙන බලවත් රටවල් සමග සිමා සහිතව ගනුදෙනු කිරීමට පෙලගැස්විය යුතු බවත් පෙන්වා දීමද වැදගත් නේද ? (ස)