IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාකිස්තානය නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කරයි

ඉකුත් වසරේදී පාකිස්තානය විසින් වසා දමන ලද ඇෆ්ගනිස්තානය දක්වා දිවෙන නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීමට එරට රජය තීරණය කර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පෙරේදා(3) ප‍්‍රකාශ කළාය. සැපයුම් මාර්ග වසා දැමීමට තුඩු දුන් ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන මුරපොළකට එල්ල වූ ඇමෙරිකා ගුවන් ප‍්‍රහාරයෙන් මියගිය සෙබළුන් සම්බන්ධයෙන් පාකිස්තානයෙන් සමාව ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කළාය. පාකිස්තාන විදේශ ඇමැති හිනා රබ්බානි කාර් සමඟ පැවැති දුරකතන සංවාදයකින් අනතුරුව හිලරි ක්ලින්ටන් මේ බව පවසා ඇත. දිගින් දිගටම පාකිස්තාන රජය පැවසුවේ සැපයුම් මාර්ග විවෘත කිරීමට නම් ඇමෙරිකාව මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගත යුතු බවයි. මේ සිදුවීමෙන් අනතුරුව පාකිස්තානය දේශසීමා පසු කිරීමේදී ඇමෙරිකානු සහ නේටෝ සැපයුම් රථයකින් අය කෙරෙන ගාස්තුව වන ඩොලර් දෙසිය පනහක මුදල පන්දහස දක්වා ඉහළ දැමීමට පාකිස්තානය තීරණය කළ නමුත් පසුව එය පෙර තිබූ ගාස්තුව දක්වා පහළ දැමීමට එරට රජය පියවර ගත්තේය. මීට පෙර අවස්ථාවකදී නව පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රෆ් කියා සිටියේ මාස හතක් තිස්සේ සැපයුම් මාර්ග වසා තැබීම හේතුවෙන්  ඇමෙරිකාව සහ නේටෝ සාමාජික රටවල් පාකිස්තානය සමඟ පවත්නා සබඳතාවලට අයහපත් බලපෑම් එල්ල කරනු ඇති බවයි. වසා දැමුණු නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීම සහ රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අගමැති අෂ්රෆ් සහ එරට පාර්ලිමේන්තුවේ     ආරක්ෂක කමිටුව අතර සාකච්ඡුා පෙරේදා(3* දිනයේදී පැවැති බවත් එහිදී මෙම සැපයුම් මාර්ග විවෘත කිරීමේ තීරණය ගත් බවත් පාකිස්තාන රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. මෙම සාකච්ඡුාවලට හමුදා ප‍්‍රධානීන්ට අමතරව එරට ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක් ද සහභාගී වූහ. පාකිස්තාන හමුදාපති අෂ්ෆක් කයානි සහ බුද්ධි අංශ ප‍්‍රධානී සහීර් උල් ඉස්ලාම් යන නිලධාරීන් ද මෙම සාකච්ඡුාවලට සහභාගී වූ බව වාර්තා වේ. සැපයුම් මාර්ග යළි විවෘත කිරීම ඇෆ්ගනිස්තානයෙන්     නේටෝ සහ ඇමෙරිකානු භටයන් ඉවත් කිරීමේ කටයුතුවලට     මනාපිටිවහලක් වනු ඇතැයි ද හිලරි ක්ලින්ටන් පැවැසුවාය. ඇෆ්ගනිස්තානය වසා පැතිර පවත්නා ත‍්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිවන මිනිසුන්ට මෙය වඩා වැදගත්වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 2014 වන විට ඇෆ්ගනිස්තානයේ රැුඳී සිටින විදෙස් හමුදා ඉවත් කිරීමට ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය තීරණය කර තිබේ. ඊට සමගාමීව 2013 අවසාන වෙද්දී ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත රටේ පූර්ණ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් පැවැරීමට ද නේටෝ හමුදා කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.



අදහස් (0)

පාකිස්තානය නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කරයි

Thursday, 05 July 2012 12:42 PM

ඇෆගනිස්ථාන් යුද්දෙන් දිනන්න බැරි ඇමරිකාව ඉරානෙට අත දික්කරනවා.....

:       0       0

දනි Friday, 06 July 2012 09:34 AM

වරිගේ වනසන්න පුදුම උනන්දුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site