
පකිස්තාන රජය පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 30 කින් ඉහල දැමීමට තීරණය කල බව ඊයේ (26) නිවේදනය කළේය.
2019 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ක මුල්‍ය සහාය ලබාගැනීම නැවත ආරම්භ කිරීම සඳහා මෙසේ ඉන්ධන මිල ඉහල දමන බව පකිස්තාන රජය ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අගමැති ශෙබාස් ෂරීෆ් ප්‍රමුඛ පකිස්තාන රජයට දොස් පැවරුවේය.
තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය රුසියාවෙන් සියයට 30 ක මිල අඩු කිරීමක් යටතේ බොරතෙල් මිලදී රුසියාව සමග ඇතිකරගත් එකඟතාව ඉදිරියට රැගෙන නොයාම සම්බන්ධව ඉම්රාන් ඛාන් පකිස්තාන රජයට දෝෂාරෝපණ එල්ල කළේය.
ඇමෙරිකාවේ මිතුරෙකු වන ඉන්දියාව රුසියාවෙන් විශේෂ මිල අඩුකිරීම් යටතේ බොරතෙල් මිලදී ගනිමින් ඉන්ධන ලීටරයක මිල පකිස්තාන රුපියල් 25 කින් අඩු කිරීමට සමත් වීම පිළිබඳව ඉම්රාන් ඛාන් ඉන්දියාව වර්ණනා කළේය.
"මෙය පකිස්තාන ඉතිහාසයේ ලීටරයකට වැඩි වූ වැඩිම මිල බවත් අදක්ෂ පකිස්තාන රජය තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය රුසියාව සමග ඇති කරගත් එකඟතාව මත බොරතෙල් මිලදී ගැනීමට ක්‍රියා නොකිරීම අනුවණ කමක් බවත්" සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.
"මෙම වංචනිකයන් කණ්ඩායම නිසා දැන් අප රටේ උද්ධමන අනුපාතය විශාල ලෙස ඉහල යාවි" ඉම්රාන් ඛාන් පැවසුවේය.නව මිල ගණන් යටතේ පෙට්‍රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 179.86 ක මිලකටත්, ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 174.15 ක මිලකටත්,භූමි තෙල් ලීටරයක මිල 155.56 ක මිලකටත් අලෙවි වනු ඇතැයි පකිස්තානයේ ඩෝන් පුවත් පත වාර්තා කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
543
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ තෙල් මිල වැඩිවෙයි