ඩෙංගු වසංගතය උත්සන්න වීමෙන් මේ වනවිට ඩෙංගු රෝගීන් 12,000 ක් හමුවී ඇති බව පාකිස්තාන සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කරති. ගත වූ මාසය ඇතුළතදී එකසිය විසි නව දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්තා වේ. ඩෙංගු රෝගය, පාකිස්තානයේ හිස එසවීම ආරම්භ වූයේ මෝසම් වැසි සමය ඇරැඹීමත් සමඟය. මෝසම් වැසි සමඟ මේ වනවිට පාකිස්තානයේ ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර ලක්ෂයකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත. වසංගත තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කළ බවත් ප‍්‍රාන්ත රැුසක අධ්‍යාපන ආයතන, පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණය කළ බවත් පාකිස්තාන රජය පවසයි. ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප‍්‍රදේශවල දුමායන කටයුතු දිගින් දිගටම සිදුවෙමින් පවතී. ඩෙංගු මර්දනය කිරීමට ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට පාකිස්තාන රජය තීරණය කර ඇති අතර මේ වනවිටත් අසල්වැසි ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායම් පන්ජාබ් ප‍්‍රාන්තයට පැමිණ සිටින බව ද බලධාරීහු පවසති. මීට අමතරව ජර්මනියෙන් දුමායන උපකරණ කට්ටල තොගයක් සහ ඉන්දියාවෙන් ඖෂධ තොගයක් ද පාකිස්තාන රජයට ලැබී ඇතැයි වාර්තා වේ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
පාකිස්තානයේ ඩෙංගු රෝගීහු 12,000 ක්