පාකිස්තාන ජනපතිවරණය පෙරේදා (30) පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 24 දෙනා අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ පාලක පක්ෂය වන ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂක මම්නූන් හුසේන් ය.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 6 වැනිදාය. කෙසේ නමුත් රාමදාන් මාසය සැළකිල්ලට ගනිමින් එය ජූලි 30 වැනිදා පැවැත්වීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී තිබුණි.
මම්නූන් හුසේන් ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වෙයි.
ඒ අනුව, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට සිය ධුරය අහිමි විය. දූෂණ චෝදනා රැසකට මුහුණ දී සිටින සර්දාරිට නීතිමගින් කටයුතු කිරීමට මෙතෙක් හැකියාවක් නොලැබුණි. ඒ, ජනපතිවරයා ලෙස කටයුතු කළ නිසා ඔහුට ආරක්ෂාවක් ලැබුණු හෙයිනි.
පාකිස්තාන නීතිවේදීහු පෙන්වා දෙන්නේ ජනපති ධුරය අහිමි වූ නිසා සර්දාරිට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට දැන් කිසිදු බාධාවක් නොමැති බවය.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයේ ජනපතිවරණයක්