IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තානයේ ගංවතුරින් මියගිය ගණන 108 ට නගී

පාකිස්තානයට ඇද හැළෙන මහ වැසි සහ ඒ සමඟ ප‍්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 108 තෙක් ඉහළ ගොස් ඇති බවත් 104 දෙනකු තුවාල ලබා සිටින බවත් ප‍්‍රාන්ත බලධාරීහු පවසති.

පාකිස්තාන රජය කියා සිටියේ ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට ලක්ෂයකට ආසන්න පිරිසකට උන්සිටිතැන් අහිමි වී ඇති බවය.

ජල ගැලීම් නිසා තවත් සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ද පැවැසිණි. ඔවුන් සෙවීමේ කටයුකුවලටත් සහන සේවා කටයුතුවලටත් හමුදාවේ සහාය හිමිවෙන බව මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. නායයෑම් සිදුවී මාර්ග රැසක් අවහිර වී ඇති බව ද වාර්තා වේ. ජල ගැලීම් වාර්තා වී ඇත්තේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ, පන්ජාබයේ, බලූකිස්තානයේ සහ දකුණු සින්ද් ප‍්‍රාන්තයෙනි.

විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති අතර දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩා විඳින බව ද වාර්තා වේ. සහන සේවා කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බව පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

පාකිස්තානයේ ගංවතුරින් මියගිය ගණන 108 ට නගී

වීර Friday, 23 August 2013 10:54 AM

මාෂා අල්ලාහ්!(නදී)

:       0       0

වීර Friday, 23 August 2013 10:57 AM

"ඉන්ෂා අල්ලාහ්" මෙය අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවී ඇත. (නදී)

:       0       0

කාසිම් Thursday, 22 August 2013 09:00 AM

කොයි රටේ උනත් වුනු වැඩේට කනගාටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site