පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් වාසය කරන ක්වෙටා නුවර පෙරේදා (16) සවස අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් පාසල් දරුවන් ද ඇතුළු 81 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 178කි.
ක්වෙටා නුවර පොලිසිය පවසන්නේ යතුරු පැදියක බෝම්බය අටවා තිබුණු බවය. බෝම්බය පුපුරා ගියේ ක්වෙටා නුවර පාසලක් සහ පරිගණක මධ්‍යස්ථානයක් ඉදිරියේය.
ප‍්‍රහාරයේ වගකීම බාර ගනිමින්, ‘ලෂ්කාර් ඊ ජංග්වී’ නමැති සුන්නි මුස්ලිම් සටන්කාමී සංවිධානය පවසා ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බවය.
බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් කරා ගෙන යෑමට ක්වෙටා ආරක්ෂක අංශ පියවර ගත් බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාකිස්තානයේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇවිලේ. පසුගිය මාසයේ දී ‘ලෂ්කාර් ඊ ජංග්වී’ එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් සුන්නි මුස්ලිම්වරු සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
එම ප‍්‍රහාරය සිදුවුණේ පාකිස්තානයට අයත් බලූකිස්තානයේය. එම ප‍්‍රහාරයෙන් පසු සුන්නි මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක් පාකිස්තාන රජයට එල්ල විය. බලූකිස්තාන ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට පාකිස්තාන රජයට සිදුවූයේ ද එම විරෝධතාව නිසාය.
පසුගිය වසරේ සිදුවූ සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප‍්‍රහාරවලින් 400 දෙනකු මියගිය බව පැවැසේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරී 81 ක් මරුට
රුවන් Monday, 18 February 2013 05:19 PM
මේ දෙගොල්ලොම හලාල් නේද කන්නේ ? (නි)
ශිලා Tuesday, 19 February 2013 08:23 AM
අයියෝ සල්ලි (දී)
දම්මි Monday, 18 February 2013 08:34 PM
අල්ලාගේ කැමැත්ත මෙයයි. (නි)
ලාල් Monday, 18 February 2013 02:40 PM
හොද ප්‍රවෘත්තියක්.(නදී)