වයඹදිග පාකිස්තානයේදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන පෙරේදා(10) පුපුරාගිය කාර් බෝම්බයකින් සිවිල් වැසියන් 12ක් ජීවිතක්ෂයට පත්ව 40 දෙනෙක් තුවාල ලැබූහ. මෙම කාර් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ කූරාම් ගෝත‍්‍රික ප‍්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදීය. එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ හමුදා නිලධාරීන් රැගත් රථ පෙළක් ඉලක්ක කරගෙන ප‍්‍රහාරය එල්ල වූවද ප‍්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ඒ අසල සිටි ෂියා මුස්ලිම් ජාතිකයන් බව පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයට ලක්ව තුවාල ලැබූවන්ගෙන් 20 දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාකිර්ණ ආර්ථීක මධ්‍යස්ථානයක් වන මෙහිදී සිදුවූ පිපිරීමෙන් වෙළෙඳසැල් 30කට සහ ගොඩනැගිලි 50කට හානි සිදුව ඇති බවද වාර්තා වේ. ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම කිසිදු පාර්ශවයක් විසින් මේ වන තෙක් බාරගෙන නොමැති අතර පසුගිය කාලයේ මෙම ප‍්‍රදේශයේ සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පසුපස සිටියේ තලෙයිබාන් සටන්කාමීන් බව පාකිස්තාන බුද්ධි අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයේ කාර් බෝම්බයක් පිපිරී 12ක් මරුට
මධූ Wednesday, 12 September 2012 01:21 PM
හොඳ පුවතක් ! (ස)
ලාල් Wednesday, 12 September 2012 07:09 PM
මුස්ලිම් කියන්නේ ත්‍රස්තවාදයයි. (නි)